Dec 21

මුහුණු පොතෙන් දරුවන් මත් කෙරූ කුරණ 'ඩී. ජේ.' මධ්‍යස්‌ථානය අල්ලපු හෑටි

දරුවන් පිළිගන්න කැඩුණු ඉංගී්‍රසි කතා කරන කාන්තාවෝ දෙදෙනෙක්‌

මුහුණු පොත (ෆේස්‌බුක්‌) හරහා මිතුරු සමාජය ගොඩනගා ඒ හරහා වයස අවුරුදු 17 -18 පමණ වූ ළාබාල තරුණ තරුණියන් (සිසු සිසුවියන්) ඩී. ඡේ. සංදර්ශනවලට ගෙන්වා ඔවුන් මත් පෙත්තට යොමු කරන බව කියන මධ්‍යස්‌ථානයක්‌ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට ලත් තොරතුරු අනුව මීගමුව කුරණ කලපුව ප්‍රදේශයේ පිහිටි එම ඩී. ඡේ. මධ්‍යස්‌ථානය වැටලීමට මීගමුව පොලිසිය සමත්විය.

මීගමුව පොලිසියේ අවසරයකින් තොරව නීතිවිරෝධී මෙම ඩී. ඡේ. සංගීත මධ්‍යස්‌ථානය මීගමුව කුරණ කලපුව ආශ්‍රිතව හෝටලයක පවත්වාගෙන ගොස්‌ ඇත. මෙම ස්‌ථානය 18 දා සවස වටලනු ලැබූ අවස්‌ථාවේ එහි ළාබාල පිරිමි සහ ගැහැනු ළමුන් 20 ක්‌ දෙනකු පමණ රැඳී සිට ඇති අතර ටකරන්වලින් වටකොට තිබූ එම මධ්‍යස්‌ථානයට ඇතුළු වීම සඳහා එක්‌ අයකුගෙන් රුපියල් 1500 බැගින් අයකොට ඇත. එම තරුණ ළමයින් තම නිවාසවලින් පිටවී එම මධ්‍යස්‌ථානය කරා පැමිණ ඇත්තේ උපකාරක පංති කරා යනු මුවාවෙනි.

පසුව මෙම තත්ත්වය දැනගත් එම තරුණ ළමුන්ගේ දෙමාපියන් මෙම තත්ත්වය පිළිබඳව බලවත් කම්පාවට පත්ව ඇත.

පොලිසිය විසින් සිද qකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම නීතිවිරෝධී ඩී. ඡේ. මධ්‍යස්‌ථානය දිනපතා දහවල් 12 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්‌වා පවත්වාගෙන යන අතර එය අවට ප්‍රදේශවාසීන්ට බලවත් හිරිහැරයක්‌ වී ඇති බවය. එම නීතිවිරෝධී මධ්‍යස්‌ථානය වෙත පැමිණෙන ළමයින් පිsළිගැනීම සඳහා කැඩුණු ඉංගී්‍රසි කතා කරන කාන්තාවන් දෙදෙනකු යොදවා ඇති බව හෙළිදරව් වී ඇත.

මෙම මධ්‍යස්‌ථානය කරා පැමිණෙන තරුණ ළමුන්ට වෙහෙසකින් තොරව නැටීම සඳහා යෑයි මත් පෙති ලබා දෙන බවට තොරතුරු ලැබුණු නමුදු එම වැටලීමේදී මත් පෙති හමුවී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන අරඹා ඇත.

පොලිසියේ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ඩී. ඡේ. මධ්‍යස්‌ථානය පවත්වාගෙන යැම සහ ඊට අවකාශ ලබාදීම සම්බන්ධයෙන් එම හෝටල් කළමනාකරු සහ එම ඩී. ඡේ. සංදර්ශනය පැවැත්වූ සැකකරු ඒ සඳහා යොදාගත් භාණ්‌ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මුහුණු පොත (ෆේස්‌බුක්‌) හරහා සිදු කරන මෙම ජාවාරම පිළිබඳව දැනුවත්වී තම දරුවන් ආරක්‍ෂා කර ගැනීමට දෙමාපියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව මීගමුව පොලිසිය කියයි. සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් තිලක වැලිවිට, මීගමුව පොලිසියේ අධිකරණ අංශයේ පො. පරීක්‍ෂක සුනිල් ප්‍රේමරත්න එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‍ෂක පී. ඩී. ලක්‌මාලි ඇතුළු නිලධාරීහු පිරිසක්‌ මෙම වැටලීමට සහභාගි වූහ.

මීගමුව සමූහ - විමල් කීර්ති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.