Dec 24

2017 වසර ඔබට කොහොමද? ලග්න හිමියන්ට අත්වන ප්‍රථිපල

ක්‍රි.ව. 2017 වසර ආරම්භ වන මොහොතෙහි උදා වනුයේ කන්‍යා ලග්නයයි. මෙරටට අදාළව 2017 ජනවාරි පළමුවැනි දා පැය 00 හෙවත් 2016 දෙසැම්බර් මස 31 දා රාත්‍රී 12 ගෙවන විටම උදාවන තත්කාලය පරිදි ගුරු කන්‍යා ලග්නයෙහිම සිටිමින් සඳු ඊට පස්වැන්නේ වෙමින් බුධ 4 වැන්නේ වෙමින් උදාවන තත්කාල ග්‍රහබලය කිසියම් මට්ටමකින් යහපත් වන අතර ශනි 3 හා කුජ 6 වීම මත උපචය ස්ථානවල පාපයන් ලැගුම් ගෙන සිටීමේ යහපත් බලය ද මත ඉදිරි වසර ශුභදායක වෙනස්කම් කිහිපයක් ඇති කරයි.


ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු සතුරු රාශියක වෙමින් ද විශ්ව කේන්ද්‍රයේ ගුප්ත රාශිය වෙමින් ද කීට රාශියක් වෙමින් ද අයහපත්ව ගමන් කළ පීඩාකාරී ගමන 2017 ජනවාරි 26 වැනි දා රාත්‍රී 7.19ට නිමා වී විශ්ව කේන්ද්‍රයෙහි ධර්මස්ථානය වන ගුරුට අයත් ධනු රාශියට සම්ප්‍රාප්ත වීම රටක් රාජ්‍යයක් වශයෙන් අපට හිතකර යෙදුමකි.

කෙසේ නමුත් මෙම සෙනසුරු අප්‍රේල් 10 දා වක්‍රවී ජුනි 21 වැනි දා යළිත් වෘශ්චික රාශියට ගමන් කොට අගෝස්තු 25 දා නිවෘත වී ඔක්තෝබර් 26 දා යළිත් ධනු රාශියට පැමිණේ. කඩින් කඩ මුලින් සිටි වෘශ්චිකයට වක්‍රවන අවස්ථා යෙදුණත් ‍පොදුජන කාරක සෙනසුරු මෙරට ලග්නාධිපති වී ධාර්මිකත්වය ප්‍රතිත්තිගරුකත්වය හා යහ ගුණාංග නියෝජනය කරන බ්‍රහස්පතිගේ රාශියට පැමිණිම නම් ගුභදායක බව කිව යුතුයි. මේ නිසා යම් යම් පීඩන, තර්ජන, ගර්ජන මධ්‍යයේ හෝ ගුභදායක යහපත් ඉසව්වකට රට, රජය ගමන් කරන බව කිව යුතුයි. අළු යට ගිනි පුපුරු නැත්තේ නොවේ.

එහෙත් රටෙහි සෞභාග්‍යයත් ජනතාවට ගුභසිද්ධියත් වෘත්තීය සහ රැකියා මාර්ගවල යහපතක් භෞතික සම්පත් වර්ධනයක් ඇති කරන බව නම් කිව යුතුයි. ‍පොදුජනකාරක ශනි ලග්නාධිපති වෙමින් ගුභ රාශිගතවීම නිසා ජාත්‍යන්තරය පවා අපට අතහිත දෙනු ඇත. නැති වූ අයිතිවාසිකම් බොහෝ ලැබේ. සෙනසුරු අයස්ථානගතවීම මතම ආර්ථීකය වර්ධනය වේ. ජනතා සිත්සතන් කිසියම් ප්‍රමාණයකට හෝ සැකසෙනු ඇත. අර්බුද නැතුවා නොවේ. ඒ ඒ ලග්න හිමියන්ට ඇතිකරන ගුභා’ගුභ ප්‍රතිඵල මෙලෙසින් දැක්විය හැක.

මේෂ - පැවැති බාධා තුරන් වේ

ලග්නාධිපති කුජ අයස්ථානගතව සිටිය දී වසර ඇරඹේ. කාලාන්තරයක් තිස්සේ පැවැති සෙනසුරුගෙන් ලද අගුභ බලපෑම් බොහෝ දුරට ඉවත්වන අවස්ථාවක් 2017 ජනවාරි 26 දා සෙනසුරු මාරුවත් සමග යෙදේ. සමස්තයක් වශයෙන් පෙරට වඩා වැඩි යහපතකට මග සලසනු ඇත.

ධනය, රැකියාව- ධනය, රැකියාව සම්බන්ධයෙන් සැලකීමේ දී ධන කාරක භාග්‍යස්ථානාධිපති බ්‍රහස්පති සැප්තැම්බර් 12 දා සිට සත්වැන්නේ ගමන් කිරීම බොහෝ සෙයින් ආර්ථීකයේ අභිවෘද්ධියට හේතු වේ. රැකියා භාවාධිපති ශනි මතෛක් අටවැන්නේ ගමන් කොට ඇතිකළ ගැටලූ‍ හා ප්‍රශ්න ජනවාරි 26 වැනිදායින් පසු ගුභදායක තත්ත්වයකට පත් කරන අතර වෘත්තීය ගුභසිද්ධිය ඇති කරයි. වසරේ අවසානභාගය වෙසෙසින් සාර්ථක වේ.

ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී ද යහපත් වාතාවරණයක් මෙම වසර තුළ ඇති කරන අතර විවාහාපේක්ෂකයන්ට ඉතා හොඳ ගැළපෙන යහපත් සහකරුවකු හෝ සහකාරියක් හිමිවන අවස්ථා වසරේ මැද භාගයෙන් පසු උදා කරනු ඇත. දූ දරුවන්ට ඛෙහෙවින් ගුභඵල ලැබිමේ අවකාශය සැප්තැම්බර් 12න් පසුවයි.

අධ්‍යාපනය- අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේ දී පැවැති බාධා බොහෝ ඉවත්වන අතර විභාගාදියෙන් ඉහළ සාමාර්ථයන් ලැබිමේ අවකාශය ඇති කරයි. බ්‍රහස්පති උසස් අධ්‍යාපන භාවාධිපති වශයෙන් යහපත් ගමනක යෙදෙන නිසා සැප්තැම්බර් 12න් පසු වඩාත් වැඩි යහපතක් සැලසෙනු ඇත.

සෞඛ්‍යය- සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකීමේ දී උදරගත පීඩා, මේදය අධිකවීමෙන් සෑදෙන රෝග, අම්ලපිත්ත ගති වාතාබාධවලට ඉඩ ඇතත් වසරෙහි අගභාගය නම් සෞඛ්‍යමය වශයෙන් බොහෝ සේ ගුභදායක වනු ඇත.
ගුභ දින- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ගුභ වර්ණ- රතු, රන්වන්, ගුභ අංක- 1, 3, 9

වෘෂභ - බාධා ඇතත් යහපත සලසා ගනී
ලග්නාධිපති සිකුරු කර්මස්ථානගතව 10 වැන්නේ සිටිය දී වසර ඇරඹේ. බ්‍රහස්පති 5 වැන්නේ ගමන් කරන අතර සෙනසුරු සත්වැන්නේය. මධ්‍යස්ථ පලදායක බවක් ඇති කරයි. ජීවිතයෙහි යම් යම් සතුටුදායක වාතාවරණයන්ට ඉඩ සැලසෙන අතර ‍පොදුවේ දහවැන්නාධිපති සෙනසුරු යෝගකාරක ද වෙමින් හත්වැන්නේ ගමන් කරමින් සිට අටවැන්නට පැමිණිම නිසා ඒරාශ්ටකයක් ලෙස හැඳින්විය යුතු නමුදු එය දැඩි අපල ගෙනදෙන්නේ යැයි නොසිතිය යුතුයි. බාධා ප්‍රමාදයන් මැද යහපත සැලසේ.

ධනය, රැකියාව- ධනස්ථානාධිපති බුධහු හා අයස්ථානාධිපති ගුරුගේ යෙදුම් පරිදි ප්‍රමාණවත් ආර්ථීකමය සංවර්ධනයක් ඇති කරයි. කෙසේ නමුත් ගුරු ධනකාරක වශයෙන් 6 වැන්නට පැමිණිම නිසා සැප්තැම්බර් 12 සිට ආදායම් මාර්ගවලට බාධාවන් ගෙන දේ. රැකියා කටයුතුවල දී වුව ද අතපසුවීම් ප්‍රමාද දෝෂයන් ඇතිවීම වළක්වා ගතහොත් අයහපත් ප්‍රතිඵලවලින් මිදිය හැක.

ගෘහ ජීවිතය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී සෙනසුරු 7-8 ආදී භාවවල ගමන් කරතත් ඔබේ ලග්නයට ඔහු පාපයකු යැයි නොසලකන නිසා ගෘහ සැපත මධ්‍යස්ථය. කෙසේ නමුත් විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදාවිය හැක. දරුපල සම්බන්ධයෙන් සලකන කල හිතකර වාතාවරණයක් පවතී.

අධ්‍යාපනය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී වර්ෂයෙහි වැඩි කාලයක් බ්‍රහස්පති විද්‍යස්ථානගතව ගමන් කරන නිසා අධ්‍යාපනමය කටයුතුවල සාර්ථකත්වයක් ලැබිම අසීරු නොවේ. වර්ෂයේ අග භාගය මේ සම්බන්ධයෙන් තරමක බාධා ඇතත් අධිෂ්ඨානශීලී වීමෙන් එය මගහරවා ගත හැක.

සෞඛ්‍යය- සෙනසුරු අටවැන්නේ ගමන් කිරීම මත වාතාබාධ, මූත්‍රාශයේ පීඩා, කකුල්වලට සම්බන්ධ ආබාධ ඇති කිරීමේ අවදානමක් පවතී. සෞඛ්‍ය තත්ත්වය ගැන කිසියම් අවධානයෙන් සිටීම අවශ්‍ය වේ.
ශුභ වර්ණ- නිල්, කොළ, ශුභ අංක- 06, 05, ශුභ දින- බදාදා, සිකුරාදා, සෙනසුරාදා

මිථුන - ඉඩකඩම් භූමි ලාභ උරුමයි

ලග්නාධිපති බුධහු හත්වැන්නේ සිටිය දී වසර ඇරඹේ. බ්‍රහස්පති 4 වැන්නේ ගමන් කරන අතර සැප්තැම්බර් 12 සිට 5 වැන්නේ ගමන් කිරීම තවදුරටත් යහපත් කරුණකි. සෙනසුරු ජනවාරි 26 දා සිට 7 වැන්නේ ගමන් කරතත් ලග්නාධිපතිගේ මිතුරා වශයෙන් ද පී්‍රති ෂබාශ්ටකය හිමි ග්‍රහයා වශයෙන් භාග්‍යස්ථානාධිපති වශයෙන් හත්වැන්නට පැමිණිම අයහපත් යැයි නොකිව යුතුය. මේ නිසා ශනි, ගුරු දෙදෙනාගේම ගමන මිථුන ලග්න හිමි ඔබට අයහපත් නොවේ. ජීවිතයෙහි යම් යම් සතුටුදායක පසුබිමක් ගොඩනැගිය හැක.

ධනය, රැකියාව- මේ සම්බන්ධයෙන් බලපවත්වන බ්‍රහස්පති කේන්ද්‍රස්ථාන සහ ත්‍රිකෝණ ස්ථානවල ගමන් කිරීම තුළින් ආර්ථීකමය සහ වෘත්තීයමය ශුභසිද්ධියක් ඇති කරයි. සැප්තැම්බර් 28 දායින් පසුව වඩාත් යහපත් වේ.

ගෘහ ජීවිතය- මේ අනුව සලකන කල බ්‍රහස්පති 7 වැන්න අධිපතියා වෙමින් ශුභ ගමනක යෙදෙන නිසා සතුටුදායක වාතාවරණයක් ඇත. දූ දරුවන්ගේ යහපත සිදු වේ. අවිවාහක නම් යහපත් විවාහයකට පවා මග පාදන ස්වභාවයක් ඇත. පවු‍ලේ අවුල් ආරවුල්වලින් තොරවන ලක්ෂණ ඇතත් රාහු කේතුගේ ගමන නිසා අගෝස්තු 18 දායින් පසු මතගැටුම් ගැන කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී ඊට අදාළ බුධ ගුරු ශනි යන ග්‍රහයෝ යහපත් ගමනක යෙදීම නිසා උසස් ප්‍රතිඵල ලැබිය හැක. විභාගාදියෙන් තරග පරීක්ෂණාදියෙන් ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලැබිය හැක.

සෞඛ්‍යය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී රාහු කේතුගේ ගමන දෙක, අට ආදී ස්ථානවල පතිත වන නිසා වර්ෂයේ මැද භාගයෙන් පසු මූත්‍රා ආබාධ, ශරීරයට වෛරසයන් ඇතුළුවීම, වැටීම්, තැළීම් වැනි පීඩා ශාරීරික අබල දුබලගතිවලින් ආරක්ෂා වීමට වඩාත් උත්සුක විය යුතුයි.

ශුභ වර්ණ- කොළ, නිල්, ශුභ අංක- 5, 6, ශුභ දින- බදාදා, සිකුරාදා

කටක - බාධාවන් ඉවත් වේ

ලග්නාධිපති සඳු කේන්ද්‍රගතව සත්වැන්නේ සිටිය දී වර්ෂය උදාවන අතර සෙනසුරු පස්වැන්නෙහි ගමන් කරමින් සිට උපචය ස්ථානය වූ හයවැන්නට පැමිණිම සුවිශේෂ කරුණක් ලෙස හැඳින්විය හැක. කලක් තිස්සේ පැවැති අසහන පීඩා සහ චිත්ත ව්‍යාකූලතාවන් සමනයකට පත්කරන ග්‍රහ බලයක් මෙතුළින් ඇති කරයි. සෙනසුරු අට අධිපතියා වශයෙන් 6 වැන්නේ ගමන් කිරීම සරල නමැති විපරීත රාජයෝගයක් ද මෙමගින් බිහි වේ. සමස්තයක් ලෙස ජීවිතයෙහි සැහැල්ලූ‍වක් ඇති කරන අවකාශයකට මග පාදයි.

ධනය, රැකියාව- ධනස්ථානාධිපති රවිගේ ගමන හා විශේෂයෙන්ම කර්මස්ථානාධිපති කුජගේ ගමනට ද සාපේක්ෂව සැලකීමේ දී ජනවාරි 20 දින කුජ අටවැන්නේ සිට නවවැන්නට පැමිණිම යහපත් ග්‍රහ ගමනකට මග පාදන අතර එකී යහපත් බලය සෙනසුරුගෙන් තව තවත් ශුභ අතට පෙරළීම නිසා වෘත්තීය කටයුතුවල අභිවෘද්ධිය ඇති කරන්නේය. උසස් අයගේ අනුග්‍රහය මත රැකියාවේ සාර්ථකත්වයක් ගෙන දේ. බ්‍රහස්පති ධන කාරක වශයෙන් 3 වැන්නේ සිට හතරවැන්නට පැමිණිම එක් අතකින් යහපත් ප්‍රතිඵලයකි. සැප්තැම්බර් 12 සිට මෙම ශ=භසිද්ධිය ඉස්මතු වේ.

ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය පිළිබඳ සලකන කල එතරම්ම යහපත් යැයි කිවහැකි කරුණු කැපී පෙනෙන්නේ නැත. රාහු කේතු 2, 8 ස්ථානවල ගමන් කරමින් සිට අගෝස්තු 18 දා සිට ලග්නය, පහ ආදී ස්ථානවල ගමන් කරන නිසා දුක් දොම්නස් පීඩා සහිතව යම් යම් ගැටලූ‍කාරී ගති ද ඇතිවිය හැක. සමගිය සමාදානය ගැන ඛෙහෙවින් කල්පනාකාරී වන්න. කෙසේ නමුත් දූ දරුවන් සම්බන්ධ යහපත් වාතාවරණයක් සැප්තැම්බර් 12 සිට ඇති කරයි. විවාහාපේක්ෂකයන්ට දැඩි ප්‍රයත්නයක් තුළින් ඊට අවකාශ ලබා ගන්නට සිදු වේ.

අධ්‍යාපනය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී හානිකර වාතාවරණයක් කිසියම් ප්‍රමාණයකින් ඇත. රාහු, කේතුගේ ගමන නිසා දක්වන උනන්දුව තරමක් හීනවිය හැකි හෙයින් ඒ සඳහා කැපවන තරමටම ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබනු ඇත.
සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වයට අදාළව සැලකීමේ දී ශරීරයෙහි වෛරසයන් ඇතුළුවීම, ‍ලේ දූෂ්‍ය වූ පීඩා, මූත්‍රා ආබාධ, ගුදය ආශිත පීඩා ඇතිවීමේ අවකාශ පවතින හෙයින් කෑම්බිම් ආදියේ දී ඉතාමත් කල්පනාකාරී වී ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

ශුභ වර්ණ- ක්‍රීම් පාට, රතු, රන්වන්, ශුභ අංක- 2, 3, 7, ශුභ දින- සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සිංහ - උරුම පිළිබඳ ප්‍රශ්න විසඳේ
ලග්නාධිපති රවි පස්වැන්නේ ගමන් කරද්දී වසර ඇරඹෙන අතර සෙනසුරු කන්ඨක දෝෂය උදා කරමින් හතරවැන්නේ ගමන් කරමින් සිට ඉන් මිදීම නිසා ජනවාරි 26 දායින් පසු සිතට සහනයක් ගෙනදෙන කරුණු උදා කරයි. ඉඩකඩම් භූමිය සම්බන්ධව පැවැති අවුල් ආරවුල් උරුමයන් පිළිබඳ ගැටලූ‍ තුනී වනු ඇත. ගෙදරදොරේ පැවැති කිසියම් අඳුරු ගතියක් ඉවත්වන අවස්ථාවකි.

ධනය, රැකියාව- ධනකාරක බ්‍රහස්පති ධනස්ථානගතව ගමන් කිරීම හිතකරය. සිකුරු කර්මස්ථානාධිපති වශයෙන් මිශ්‍රපල උදා කරතත් සෙනසුරුගෙන් දහවැන්නට ලැබුණු පීඩාව ඉවත්වීම නිසා ශුභදායක ප්‍රතිඵල ඇති වේ. ආර්ථීකය සහ වෘත්තීය සම්බන්ධයෙන් පෙරට වඩා යහපත් ප්‍රතිඵලයක් ගෙනදෙන අතර මිල මුදල් අතින් සැලකිය යුතු ආර්ථීක ස්ථාවරත්වයක් හා ආදායම් තත්ත්වයෙහි වටිනාකමක් සැප්තැම්බර් 12ට පෙර ඇති කරයි.

ගෘහ ජීවිතය- ගෙදරදොර ජීවිතය සම්බන්ධයෙන් සලකන කල මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දේ. කුටුම්භස්ථානයට බ්‍රහස්පති ගමන් කරන නිසා පවු‍ලේ අභිවෘද්ධිය, දූ දරුවන් සම්බන්ධ කටයුතුවල සාර්ථකත්වය ඔවුන්ගේ විවාහ සම්බන්ධ ප්‍රශ්න විසඳීම යන යහපත් තත්ත්වයන් ඇති කරනු ලබන්නේය. ගෙදරදොර  ජීවිතය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සතුටුදායක අවස්ථාවන් උදා කරන වටපිටාවක් මතු කරයි.

අධ්‍යාපනය- අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකන කල පස්වැන්නාධිපති බ්‍රහස්පති  බුධගේ රාශියකම වෙමින් ගමන් කිරීමත් එය වෘත්තීය අධ්‍යාපන භාවය වීමත් නිසා ඉගෙනීමට අදාළ අරමුණු අපේක්ෂා සාර්ථක කරනු ඇත. සෙනසුරු පස්වැන්නෙහි ගමන් කිරීම තරමක් බාධාවක් වුවත් ඇපකැපවීමෙන් අධ්‍යාපනයෙහි වඩාත් හොඳ ප්‍රතිඵල ලැබිය හැක.

සෞඛ්‍යය- රෝගස්ථානාධිපති සෙනසුරු රෝග කාරක ද වෙමින් 4, 5 ආදී ස්ථානවල ගමන් කරනු ඇත. උදරගත පීඩා, හෘදයගත පීඩා වැනි දෑවලින් ආරක්ෂා වීමට කල්පනාකාරී විය යුතුයි. ඊට අදාළව වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමෙන් සැලකිය යුතු සහනයක් ලද හැක. කෙසේ නමුත් අගෝස්තු 18 දායින් පසු කිසියම් සහනශීලී බවක් සෞඛ්‍යමය වශයෙන් ඇති කරන්නේය.

ශුභ දින- ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ශුභ අංක- 1, 3, 4, ශුභ වර්ණ- රතු, රෝස, රන්වන්

කන්‍යා - සැනසීමට මග පාදයි

ලග්නාධිපති බුධහු 4 වැන්නේ ගමන් කරමින් සිටිය දී වසර උදාවන අතර බ්‍රහස්පති ලග්නගතවම ඇත. ගුරු ලග්නයෙහිම ගමන් කිරීම එතරම් සතුටුදායක නැතැයි පිළිගත් මතයකි. මෙම ගුරු ලග්නයෙන් ඉවත්වී ධනස්ථානගතව පැමිණිම හෙවත් කුටුම්භස්ථානගතව පැමිණිම සැප්තැම්බර් 12 සිදු වේ. එය හිතකර යෙදුමකි. සෙනසුරු තුන්වැන්නේ ගමන් කරමින් සිට උපචය ස්ථානයෙන් මිදී හතරවැන්නට පැමිණිම ජනවාරි 26 සිදු වේ. මෙය හඳුන්වනුයේ ශනි ඛණ්ඨක දෝෂය වශයෙනි. මේ නිසා කිසියම් සහනශීලී බවක් සමගම සිත් තැවුල් පීඩා ද නව ගැටලූ‍ බාධා ද උදා කරන වසරකි.

ධනය, රැකියාව- ධනකාරක ගුරුගේ ගමන හිතකර වනු ඇත. ආර්ථීකයෙහි සමෘද්ධියක් සැලසේ. විශේෂයෙන්ම සැප්තැම්බර් සිට මීට ඉඩකඩ යෙදෙනු ඇත. රැකීරක්ෂා කටයුතුවල දී කිසියම් විදියක පලදායී තත්ත්වයක් ඇති කිරීමේ අවකාශය වසර මැද සිට ඇති කරයි. රාහු කර්මස්ථානගතව පැමිණෙන නිසා වෘත්තීය වෙනස්කම් විදේශ රැකියා අවස්ථා අගෝස්තු 18න් පසු ඇතිකිරීමේ අවකාශයක් පවතී. මෙය හදිසි ධන ලාභවලට ද හිතකරයි.

ගෘහ ජීවිතය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී යහපත් වාතාවරණයක් පැවතිය හැක. දූ දරුවන් සම්බන්ධ මංගලමය අවස්ථා ගෙන දේ. විවාහාපේක්ෂක අයට ද යහපත් මංගලමය අවස්ථාවන්ට මග පෑදෙන ස්වභාවයක් උද්ගත කරයි. දරුලාභ ආදියට මග සැලසෙන අවස්ථා සහිතයි.

අධ්‍යාපනය- මේ සම්බන්ධයෙන් සැලකීමේ දී තම අරමුණු අපේක්ෂා සාර්ථක කරන වටපිටාවක් සහිතයි. විශේෂයෙන්ම විභාගාදියෙන් සැලකිය යුතු සාමාර්ථයන් ලැබිමේ අවකාශය පවතින බව කිව යුතුයි.

සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වයෙන් සලකන කල මධ්‍යස්ථ පලදායක බවක් පෙනේ. සෙනසුරු 4 වැන්නෙහි ගමන් කිරීම මත හෘදය ගත පීඩා පෙණහලූ‍ ආශ්‍රිත ආබාධ ගැන කල්පනාකාරී වන්නට සිදු වේ. වාතාබාධ නහරගත පීඩා ගැන වඩ වඩාත් සැලකිලිමත් විය යුතුයි. කෙසේ වනමුත් බ්‍රහස්පතිගේ ශුභ ගමන නිසා සැප්තැම්බර් 12න් පසුව සුවය සම්බන්ධයෙන් වැඩි යහපතක් ගෙනදිය හැක.

ශුභ දින- බදාදා, සිකුරාදා, සෙනසුරාදා, ශුභ අංක- 5, 6, 8, ශුභ වර්ණ- කොළ, නිල්

තුලා - විදෙස් ගමන් බහුලව සිදු වේ

ලග්නාධිපති සිකුරු පස්වැන්නෙහි ගමන් කරමින් සිටිය දී වසර ඇරඹෙනු ඇත. බ්‍රහස්පති 12 වැන්නෙහි ගමන් කරන අතර 6, 3 අධිපති වශයෙන් ගුරු ලග්නයට පැමිණිම නිසා සිතට අසහන ගෙනදෙන ගැටලූ‍ ප්‍රශ්න මතුකරන අවකාශයක් ද ඇති කරයි. තුලා ලග්නයට ගුරු ලග්න ගතවීම ප්‍රශස්ත නොවේ. කෙසේ නමුත් සෙනසුරු 3 වැන්නට පැමිණිම යහපත්ය. ජයග්‍රහණ හා සාර්ථකත්වයන් ඇති කරනු ලබන්නේය.

ධනය, රැකියාව- ධනස්ථානගතව සිටින සෙනසුරු ඉන් ඉවත්වීම ජනවාරි 26 දා සිදුවන හෙයින් ධනෝපායන මාර්ග බොහෝ සේ සාර්ථක වනු ඇත. වෘත්තීය කටයුතුවල ද අභිවෘද්ධියට මග පෑදේ. පවතින යම් යම් අවහිර බාධා බොහෝ සෙයින් ඉවත්වීම උත්සාහයේ ප්‍රතිඵල මත තනතුරෙහි කැපී පෙනීමක් ද ඇති කරයි. විදෙස් ගමන් ඉතාමත් බහුල වසරකි.

ගෘහ ජීවිතය- මේ සම්බන්ධයෙන් සලකන කල ශ=භදායක වාතාවරණයක් පවතින බව පෙනේ. කුටුම්භස්ථානයෙහි සිටි සතුරු රාශියක් වන සෙනසුරු ඉන් ඉවත්වීම යහපතට මග පාදන්නේය. පවු‍ලේ අභිවෘද්ධියක් සැලසෙන අතරම දූ දරුවන්ට විශේෂයෙන්ම ශුභයි.

මත ගැටුම් ආරවුල්වලින් තොරව යුග සැපත සන්සුන් වේ.

අධ්‍යාපනය- අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකන කල හිතකර වාතාවරණයක් පවතින බව පෙනේ. විද්‍යාස්ථානාධිපති ශනි යෝගකාරක වෙමින් තුන්වැන්නේ ගමන් කිරීම නිසා අධ්‍යාපනමය ප්‍රතිඵල ඉහළ මට්ටමින් ලබනු ඇත. විභාගාදියෙන් උසස් ලෙස සමත් වේ. මීට අදාළ අරමුණු සාර්ථක කරයි.

සෞඛ්‍යය- සෞඛ්‍යමය වශයෙන් අහිතකර බව අඩුයි. කෙසේ නමුත් රෝගස්ථානාධිපතියා වන බ්‍රහස්පති ලග්නාධිපතිගේම සතුරකු වශයෙන් සැප්තැම්බර් 12 සිට ලග්නයට පතිත වන නිසා ලෙඩදුක් පීඩාවල දී සංකීර්ණ බවක් නිරවුල්ව ලෙඩදුක් නිශ්චය කර ගැනීමට අපහසු බවක් ඇති කරන්නේය.
ශුභ දින- සිකුරාදා, බදාදා, සෙනසුරාදා, ශුභ අංක- 6, 8, ශුභ වර්ණ- නිල්, කොළ

වෘශ්චික - සහනශීලී වසරක්
ලග්නාධිපති කුජ 4 වැන්නේ ද 4 අධිපති ශනි ලග්නයේ ද මහා පරිවර්තන යෝගයක් උදා කරමින් සිටිය දී වසර ඇරඹේ. ලග්නයෙහිම  ගමන් කරන සෙනසුරු ජනවාරි 26 දා ඉන් ඉවත්වීම කලක් තිස්සේ ඔළුවට පැවැති බරක් ඉවත්වී, මනසට සහනයක් ලබාදෙන වාතාවරණයක් උද්ගත කරයි. සමාජයෙහි පෙර නොපැවැති ආකාරයේ  කැපී පෙනීමකට මග පෑදෙන අවස්ථා ඇති කරයි. පෙරට වඩා උදේ‍යා්ගීමත්ව ජීවන ගමන දියත්වනු ඇත.

ධනය, රැකියාව- ධනස්ථානාධිපති ගුරු අයස්ථානයේ සිටීමත් අනෙකුත් ග්‍රහ ගමන්වලින් ඊට බාධාවන් නොවීම මත ආර්ථීකයේ පුනරුදයකට මග පෑදේ. සෙනසුරු මතෛක් කල් වෘත්තීයභාවය දකිමින් ඇතිකළ පීඩනකාරී බව ක්‍රමයෙන් ඉවත්වන අතර ඒ සම්බන්ධ ශුභදායී වාතාවරණයක් ජනවාරි 26න් පසු ඇති කරයි. මුදල්හදල් තැන්පත් කර ගැනීමේ අසීරුතාව සැප්තැම්බර් 12න් පසු ඇතිවිය හැක.

ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී බ්‍රහස්පති විවාහස්ථානය දකිමින් ද කුටුම්භස්ථානය අධිපති වශයෙන් යහපත් ගමනක යෙදීම නිසා ද යුග දිවියේ ප්‍රමාණවත් සාර්ථකත්වයක් ඇතිවිය හැක. දූ දරුවන් සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් ඇතිවන ලක්ෂණ පවතී. විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහ මංගලාදී අරමුණු ඉෂ්ටසිද්ධ වන වකවානුවක් වේ. බන්ධු ස්ථානය හෙවත් 4 අධිපති ශනි කුටුම්භස්ථානයේ ගමන් කරන නිසා පවුලට සම්බන්ධ අයගේ යහපතට අභිවෘද්ධියට කරුණු කාරණා සිද්ධ වේ.

අධ්‍යාපනය- අධ්‍යාපනය සම්බන්ධයෙන් ද යහපත් ප්‍රතිඵලයක් මිස අවැඩක් ඇති නොවනු ඇත. 5 අධිපති බ්‍රහස්පති ඉතා ශුභ ස්ථානයක ගමන් කිරීමෙන් අධ්‍යාපනමය ඉලක්කයන් සපුරාගැනීමේ අවකාශයක් ඇත. වසරේ අග භාගයේ දී යම් යම් ඌනතාවන් අධ්‍යාපනයට අදාළව ඇතිවිය හැකි හෙයින් දිරිමත්ව කටයුතු කරන්න.

සෞඛ්‍යය- ලෙඩදුක් පීඩා සම්බන්ධයෙන් සැලකීමේ දී පෙර පරිදි පැවැති රෝගාබාධ ගති ඉවත්වීමේ මග පාදයි. වකුගඩු රෝගයන්ට භාජනය වීමේ ඉඩකඩ තිබූ අයට සෙනසුරුගේ මාරුව යහපතටම හේතුසාධක වේ. මූත්‍රා ආබාධ, ‍ලේ දූෂ්‍යාබාධ වැනි පීඩා ඉවත්වන ආකාරයේ සුදුසු ප්‍රතිකාරයන් හා නිසි වෛද්‍යවරුන්ගේ උපදේශයන් ලැඛෙනු ඇත. සෞඛ්‍යමය වශයෙන් පැවැති අඩාළත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇත.

ශුභ දින- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, ශුභ අංක- 3, 4, 9, ශුභ වර්ණ- රන්වන්, රෝස, රතු

ධනු - කැපී පෙනෙන අභිවෘද්ධියක් සලසයි
ලග්නාධිපති වන බ්‍රහස්පති දහවැන්නේ කේන්ද්‍රගතව අහස් මුදුන් භාවයේ ගමන් කරනු ඇත. මතෛක් කල් 12 වැන්නේ ගමන් කළ සෙනසුරු ජනවාරි 26 දින ලග්නයටම පතිත වේ. මෙය ඒරාෂ්ටකයක් යැයි සමහර අන්ධානුකරණයෙන් යුතු ‍ජ්‍යොතිෂඥයන් පැවසිය හැක. එහෙත් එවැන්නක් නැත. ධනු ලග්නයට සෙනසුරු ශුභඵල දෙන බව උත්තරකාලාමෘතය අවධාරණය කරයි. මෙනිසාම සෙනසුරු ගමන ඔබට යහපත්ය. ජීවිතයෙහි කිසියම් පිබිදීමක් ගෙන දේ. දෙවැන්නාධිපති 12 වැන්නේ ගමන් කිරීමට වඩා ලග්නයෙහිම ගමන් කිරීම අභිවෘද්ධියටම හේතු සාධක වේ.

ධනය, රැකියාව- ධනස්ථානාධිපති ශනි ලග්නගතවීම නිසා ආර්ථීකයෙහි ප්‍රගතියක් සලසයි. බ්‍රහස්පති දහවැන්නේ ගමන් කරන අතර එකොළොස්වැන්නට සැපත්වීමෙන් වඩ වඩාත් වෘත්තීයමය සාර්ථකත්වයකට රැකියා කටයුතුවල ප්‍රගතිය වෘත්තීයමය වශයෙන් ප්‍රධානීන්ගේ සහායත් අවධානයට ලක්වීමටත් හේතු සාධක වන්නේය. මේ අනුව ධනය රැකියාව යන දෙඅංශයෙන්ම සාධනීය ප්‍රතිඵල සලසන වාතාවරණයක් ඇති කරයි. එම වැඩකටයුතුවල සාර්ථකත්වයට බාධාවක් ඇති නොවේ.

ගෘහ ජීවිතය- ලග්නය, හත ආදී ස්ථානවල පීඩාකාරීත්වයක් නොමැති අතර යුග සැපතෙහි සතුට ගෙනදෙන අවස්ථා ඇතිවිය හැක. විවාහාපේක්ෂකයන්ට මංගල යෝග උදා කරයි. තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ඔවුන් වෘත්තීයය අවස්ථාවන් හිමිකර ගැනීම වැනි ශුභදායී ප්‍රතිඵල ද ගෙන දේ. කෙසේ නමුත් අගෝස්තු 18 සිට රාහු කේතු කේන්ද්‍රයේ 2, 8 ආදී ස්ථානවල ගමන් කිරීම නිසා තම සහකරු හෝ සහකාරිය ලෙඩදුක් පීඩා ඇතිවීම එනිසා කාලය වෙන් කරන්නට සිදුවීම වැනි අනර්ථකාරී ප්‍රතිඵල ද කිසියම් ආකාරයකින් ලැබිය හැක.

අධ්‍යාපනය- දැනටම, ප්‍රඥාවට කාරක වන බ්‍රහස්පති යහපත් ගමනක යෙදේ. මෙය අධ්‍යාපනමය පසුතලය වඩ වඩාත් සක්‍රිය කරන්නකි. තමා යොමු වන විෂයානුබද්ධ දැනුම වඩ වඩාත් ‍පෝෂණය කර ගැනීමේ මාර්ග ඇති වේ. විභාගාදියෙන් උසස් ලෙස සමත්විය හැක. ඔබ වෘත්තියක නියුක්ත වන ගමන් වුවත් කිසියම් පාඨමාලාවක් හදාරන්නේ නම් එයට ඉතාමත් අනුබලයක් ලැඛෙනු ඇත. විදේශ ශිෂ්‍යත්වයන්ට පවා ඉඩකඩ ඇත.

සෞඛ්‍යය- සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකීමේ දී අයහපත් නොවුණ නමුදු රාහු කේතුගේ අශ=භ ගමන අගෝස්තු 18 සිට ක්‍රියාත්මක වන නිසා උගුර, ඛෙල්ල ආශ්‍රිත ආබාධ මූත්‍රා සම්බන්ධ පීඩා, ශරීරයට වෛරස ඇතුළුවීම හා යම් යම් දුබලතාවන් සඳහා ඉඩකඩ යෙදෙන හෙයින් කල්පනාකාරී විය යුතුයි.

ශුභ දින- බ්‍රහස්පතින්දා, අඟහරුවාදා, ඉරිදා, ශුභ අංක- 1, 2, 3, ශුභ වර්ණ- රන්වන්, තැඹිලි, රතු

මකර - පිනට දහමට යොමුවන කාලයකි

ලග්නාධිපති සෙනසුරු අයස්ථානගතව සිටිය දී වසර උදාවන අතර ගුරු ධර්මස්ථානයේය. මකර ලග්න හිමි ඔබගේ අයස්ථානයෙහි ශනි ගමන් කළත් එම ශනි ජනවාරි 26 දා සිට වැයස්ථානයට ශුභ යැයි ප්‍රකාශ කරනුයේ ප්‍රායෝගික ස්වභාවය මතය. ලග්නාධිපති මතෛක් බාධක භාවයේය. සතුරු රාශියේ ද මෙන්ම පාපී කුජගේ බලයට නතුව ගමන් කළත් ජනවාරි 26 දා සිට සෙනසුරු සෞම්‍යයෙක් වන බ්‍රහස්පතිගේ රාශියට පැමිණිම ඔහුට විශ්ව කේන්ද්‍රයෙහි ධර්මස්ථානය වීම යන කරුණු නිසා බාධක ව්‍යසන විපත්ති පීඩා අසහන ඉවත්කර සහනාවලියක් ලබාදෙනු ඇත. පුණ්‍යකාමී කටයුතුවලට යොමුවීමෙන් සිත සන්සුන් වේ. පින්දහම්හි නිරතයි.

ධනය, රැකියාව- ධනස්ථානාධිපති වශයෙන් සෙනසුරු වැයස්ථානගතවීම ‍පොඩි අඩුවක් වුවත් අනෙකුත් ග්‍රහ පිහිටීම්වලට සාපේක්ෂකව ශුභදායක වේ. ධන කාරක ගුරුගේ ගමන අහිතකර නැත. ලග්නාධිපති විශ්ව කේන්ද්‍රයෙහි විශේෂ ධන භාවය යැයි සැලකෙන ධනුයේ ගමන් කරන නිසා නව සාධාරණ ආදායම් මාර්ග ඇති කරයි. රැකියා කටයුතුවල දී පවා ඛෙහෙවින්ම යහපත් වාතාවරණයක් ඇතිවන ලක්ෂණ පවතී. වෘත්තීයමය වශයෙන් ඉහළම දියුණුව කෙසේ වෙතත් සැහැල්ලූ‍වෙන් රැකියා කටයුතු කළ හැක.

ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී රාහු කේතු ආදී ග්‍රහයන් 8, 2 ආදී ස්ථානවල අශුභ ගෝචරවල යෙදෙන නිසා අසහනශීලී යුග සැපතක් ඇතිවීම අසීරුයි. 2017 අගෝස්තු 18 සිට වුව ද රාහු කේතු ගමන් කරනුයේ 7 සහ 1 අතර බැවින් යුගදිවියේ සහනයට එය ද බාධාවක් වේ. දරුවන් සම්බන්ධයෙන් සැලකීමේ දී භාග්‍යස්ථානගතව ගමන් කිරීමෙන් ප්‍රතිඵලයක් වශයෙන් දූ දරුවන්ගේ ශුභසිද්ධියට හේතු සාධක වන කරුණු වනු ඇත.

අධ්‍යාපනය- අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව සැලකීමේ දී නම් යහපත් ප්‍රතිඵල ලැබිමේ අවකාශයක් පවති. බ්‍රහස්පති උසස් අධ්‍යාපන භාවයේ සිටීම නිසා යහපත් ප්‍රතිඵල ගෙනදිය හැක. විභාගාදියෙන් උසස් ලෙස සමත් වේ.

සෞඛ්‍යය- මේ සම්බන්ධයෙන් සලකන කල රාහු කේතුගේ ගමනෙහි පීඩාකාරීත්වය තදින් බලපානු ඇත. මූත්‍රා සම්බන්ධ පීඩා, හර්නියා, අන්ඩවායු වැනි රෝගාබාධ මෙන්ම හෘදයගත පීඩාවන්ට මෙය බලපානු ඇත. වැටීම්, තැළීම් යනාදියෙන් ඛෙහෙවින් ප්‍රවේශම් වන්න. වණ තුවාලවලට ඇති ඉඩකඩ බොහෝය. ගමන්බිමන්වල දී වාහන පාවිච්චියේ දී සැලකිය යුතු ලෙස ආරක්ෂාකාරී වන්න.

ශුභ දින- සෙනසුරාදා, සිකුරාදා, බදාදා, ශුභ අංක- 5, 6, 8, ශුභ වර්ණ- නිල්, කොළ

කුම්භ - සිත් තැවුල් අසහන පහ වේ
ලග්නාධිපතියා වන සෙනසුරු වෘශ්චික රාශිගතව පාපී කුජට අයත් භවනයෙහි ගමන් කරමින් සිට ජනවාරි 26 දා බ්‍රහස්පතිට අයත් ධනු රාශියට වෙමින් ලාභස්ථානයට පැමිණිම වෙසෙසින්ම යහපත්ය. විශේෂයෙන්ම තමාගේ බලා‍පොරොත්තු සාර්ථකවීම අදහස් මස්තකප්‍රාප්ත වීම අන්‍යයන්ගේ සහයෝගය නොඅඩුව ලැබිම යන ශුභ ප්‍රතිඵල වඩ වඩාත් ඇති කරයි. මීට පෙර අපරික්ෂාකාරීව මෙන් විචාරයක් නොමැතිව කළ කටයුතු විචාර බුද්ධියේ දුරදර්ශීව ක්‍රියා කරන වටපිටාවක් ඇති කරන්නේය.

ධනය, රැකියාව- බ්‍රහස්පති අටවැන්නේ ධන අය භාවාධිපති වශයෙන් ගමන් කිරීමේ දුර්විපාක සැප්තැම්බර් 12 දක්වා විඳීමට සිදු වේ. මුදල් ප්‍රශ්න, අගහිඟතා ඇති කරයි. ආර්ථීකයේ ගැටලූ‍කාරී ස්වභාවය යහපත් අතට පත් කරනුයේ 2017.09.12 න් පසුවයි. බ්‍රහස්පති ධන අයභාවාධිපතියා පමණක් නොව ධන කාරක වෙමින් භාග්‍ය ස්ථානගතවීම නිසා අවහිරව තිබූ සියලූ‍ ආදායම් මාර්ග විවෘත වේ. මුදල්හදල් අතින් ඛෙහෙවින් යහපත් වේ. රැකීරක්ෂා අංශයේ ද සාර්ථක බවක් නිසැකයෙන්ම ඇති කරයි. වෘත්තීය කටයුතුවල දී උසස් අයගේ අනුග්‍රහය නොඅඩුව ලබනු ඇත. වෘත්තීයමය වශයෙන් පැවැති බාධාවන් මුළුමනින්ම ඉවත්ව යනු ඇත.

ගෘහ ජීවිතය- කේතු සහ රාහු ලග්නයේ සහ හත්වැන්නේ ගමන් කිරීම නිසා යුග සැපතට අදාළ සහනශීලීත්වයේ අඩුවක් පැවතියත් එම නොසතුටුදායක බව ගිලිහී ඉතාමත් සතුටුදායක වාතාවරණයක් යුග සැපත ඔස්සේ ඇතිකරන ගති ලක්ෂණ රාහු කේතු මාරුවෙන් පසුව යෙදේ. එනම් අගෝස්තු 18න් පසුවයි. සාමාන්‍යයෙන් ගෙදරදොරෙහි පැවැති අඳුරුදායක වාතාවරණය පහව ප්‍රබෝධමත් බවක් ගෙන දේ. දූ දරුවන් සම්බන්ධයෙන් වඩාත් හිතකර වනුයේ සැප්තැම්බර් 12න් පසුවය.

අධ්‍යාපනය- අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව සලකන කල නිරායාසයෙන්ම ඉගෙනීමේ කටයුතුවල වැඩි සාර්ථකත්වයක් ජනවාරි අවසානයේ සිටම ඇති කරයි. සිතෙහි ව්‍යාකූලතාවන් පහව අධ්‍යාපනමය කුසලතාවන් වර්ණවත් වන්නේය.
සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නම් ඔබට පැහැදිලි යහපතක් ඇති කරනුයේ මෙම වසරේ අගෝස්තු මැද භාගයෙන් පසුවයි. පැවැති ලෙඩදුක් පීඩා අබල දුබලතා අහෝසි වී කායික සුවය යහපත් අතට පත් කෙරේ.
ශුභ දින- සිකුරාදා, සෙනසුරාදා, බදාදා, ශුභ අංකය- 5, 6, 8, ශුභ වර්ණ- නිල්, කොළ

මීන - ජයග්‍රහණ අපේක්ෂා සහිතයි
ලග්නාධිපති බ්‍රහස්පති හත්වැන්නේ සිටිය දී වසර ඇරඹෙන අතර සෙනසුරු තමාට ගැළපෙන ස්ථානයක් වන දහවැන්නට පැමිණේ. මේ නිසා අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධ වන වාතාවරණයක් ගොඩ නැගේ. උපචය භාවයක් වූ දහවැන්න නවවැන්නට වඩා සෙනසුරුට ගැළපෙනු ඇත. තමාගේ කරන කියන කටයුතුවල සාර්ථකත්වයක් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධවීමට මෙය ආධාරයකි. විශේෂයෙන්ම ජනවාරි 20 දා භාග්‍යස්ථානාධිපති කුජ ලග්නගතවීම විශේෂ යහපතකට හේතුවන අතර ජනවාරි 26 දිනෙන් පසු මෙය වඩාත් යහපත් වේ.

ධනය, රැකියාව- ධන කාරක බ්‍රහස්පති ලග්නාධිපති ද වෙමින් හත්වැන්නේ ගමන් කිරීම නිසා ආර්ථීකයට යහපත්ය. එම ගුරු රැකියාභාවයේ ද අධිපති වේ. එය ද ශුභදායක යෙදුමකි. වෘත්තීය වශයෙන් මෙන්ම ආර්ථීක වශයෙන් ද ගෙනදෙන අවකාශයක් ඇතත් සැප්තැම්බර් 12 දායින් ද පසුව ගැටලූ‍ සහ ප්‍රශ්න මධ්‍යයේ මෙම ශුභඵල  ලැබිමට හේතු වන බව දැකිය හැකියි. සැහැල්ලූ‍වෙන් වැඩ කටයුතු සිද්ධ නොවන ස්වභාවයක් ඉන් පසු ඇති කරයි.

ගෘහ ජීවිතය- ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේ දී බ්‍රහස්පතිගේ ගමන ඊට හිතකර බවක් සලසයි. දූ දරුවන් සම්බන්ධයෙන් වුව ද යහපත් පසුබිමක් සැලසේ. විවාහාපේක්ෂකයන්ට ඉතාමත් ගැළපෙන මට්ටමේ හොඳ විවාහයක් සිදුවනු ඇත. යෝජනාවන්ට වඩා තම අභිමතය පරිදි විවාහය සිදුවන බවක් කිව යුතුයි. සාමකාමී යුග සැපතක් උරුමයි.

අධ්‍යාපනය- අධ්‍යාපන කටයුතුවල දී ඉතාමත් වැඩි සාර්ථකත්වයකින් යුක්තව අරමුණු ඉෂ්ට සිද්ධ කර ගනී. ලග්නාධිපති වූ බ්‍රහස්පති ප්‍රඥාකාරක වෙමින් බුධගේ රාශියක ගමන් කරමින් යළිත් ලග්නය දකින නිසා ඉගෙනීම අඩාළත්වයකින් තොරව සාර්ථක කරගන්නා අතර එමගින් ඉහළ ප්‍රතිඵල ලබනු ඇත. උසස් මට්ටමේ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. සැප්තැම්බර් 12 සිට ගුරු 8 වැන්නේ ගමන් කරතත් අනෙකුත් ග්‍රහබල යහපත් නිසා ප්‍රතිඵල අඩාළ නොවේ.

සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වයේ දී දැඩිලෙස බලවත් වන රෝගාබාධකාරී ගති කිව නොහැක. එහෙත් වසරේ අගභාගයේ දී උණ, සෙංගමාලය, කොලෙස්ටරෝල් ආබාධ සම්බන්ධ පීඩා වැනි දෑ ගැන අවධානය යොමු කරන්නට සිදු වේ. මේ පිළිබඳ පරීක්ෂාකාරී වීමෙන් සෞඛ්‍යය රැකගත හැක.

ශුභ දින- බ්‍රහස්පතින්දා, සඳුදා, අඟහරුවාදා, ශුභ අංක- 2, 3, 4, ශුභ වර්ණ- රන්වන්, ක්‍රීම්, රෝස

ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී ජී.ඇම්. ගුණපාල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.