Dec 09

තෙරුණිට වගේ මට චුට්ටක් තරහා යනවා

සමන් එදිරිමුණිගේ තිර රචනාවකට අනුව ජානක සිරිවර්ධනගේ නිෂ්පාදනයෙන් හා තිළිණ බොරලැස්සගේ අධ්‍යක්‍ෂණයෙන් ‘‘දෙරණ රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන "සිදූ" ටෙලි නාට්‍යයේ "තෙරුණි" ලෙස රංගනයෙන් දායක වන මනීෂා චංචලා සමගින් මෙවර  කතාබහ ඇරඹුවෙමු.

මේ දිනවල වැඩිපුර කතාබහ කරන ටෙලි චරිතයක් තමයි "තෙරුණි" කියන්නේ?

ඔව්, "සිදු" ටෙලි නාට්‍යයේ "තෙරුණි" කියන්නේ මගේ දෙවැනි ටෙලි නාට්‍යය. මීට කලින් මම දෙරණ රූපවාහිනි නාළිකාවේම විකාශය වුණ "වස්සාන සිහිනය" කියන ටෙලි නාට්‍යයේ "මනුෂා" කියලා චරිතයක් රඟපෑවා.

කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර?

ඉතා ඉහළයි. ඇත්තටම මම බලාපොරොත්තු නොවුණ විදිහට මේ චරිතය ප්‍රේක්ෂයන් අතරට ගියා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ අවස්ථාවෙදි විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන ලක්සිරි වික්‍රමගේ මහතාට. මොකද, ඔහු තමයි මේ චරිතයට මාව යෝජනා කළේ. ඊට අමතරව නිෂ්පාදනය කළ ජානක සිරිවර්ධන හා අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස යන අයත් මේ වෙලාවේදී කෘතවේදීව මතක් කරන්න කැමතියි.

මනිෂා සැබෑ ජීවිතෙත් "තෙරුණි" වගේ කෙනෙක්ද?

තෙරුණිගේ ජීවිතේට සමාන දේවල් කිහිපයක් මගේ සැබෑ ජීවිතෙත් තියෙනවා. එයා වගේම මමත් සංවේදි කෙනෙක්. ඒ වගේම තෙරුණිට වගේ මටත් චුට්ටක් විතර තරහා යනවා.

 මනිෂා කලා ක්ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහට?

ඔව්, දෙරණ රූපවාහිනි නාළිකාව විසින් පැවැත්වූ "දෙරණ ලිට්ල් ස්ටාර් 2007" තරගයට තමයි මම මුලින්ම සහභාගි වෙන්නේ. ඒ වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ තරගයට. එහිදී මට හිමිවෙන්නේ සිවුවැනි තැන.

ගායිකාවක් විදිහට ආපු මනීෂා ඇයි මේ රංගන ශිල්පිනියක් වුණේ?

ඇත්තටම, මම ගොඩක් කැමතියි කලාවට. ඒ වගේම ගායනයට වගේම මම රංගනයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. පෙර පාසල් අවධියේ සිටම මම විවිධ කලා නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මගේ අම්මා තමයි මාව එවැනි දේවල්වලට යොමු කරන්න උනන්දු කළේ. අදටත් මගේ අම්මා ගොඩක් සතුටුයි මම රඟපානවට.

ගායිකාවක් විදිහට දායක වෙලා තියෙන නිර්මාණ මොනවද?

දැනට චිත්‍රපට කිහිපයක මම පසුබිම් ගීත ගායනයෙන් දායකවෙලා තියෙනවා. ශිවදාසන්ගේ "දරුවනේ" හා "සිංහයා" කියන චිත්‍රපටවලට වගේම, ඉදිරියේදී තිරගත වීමට නියමිත "පාටක් නැති ආදරේ" චිත්‍රපටයෙත් මම පසුබිම් ගීත ගායනයෙන් දායක වෙනවා. ඊට අමතරව ගීත කිහිපයක් සඳහා යුග ගායනයෙනුත් දායක වෙලා තියෙනවා.

 මනිෂා තමන්ගෙම ගී නිර්මාණයක් එළිදක්වන්නේ කවදාද?

මම ගායන ක්ෂේත්‍රය තුළ යන්නේ ඉතා හෙමින් ගමනක්. හොඳ නිර්මාණයක් ලැබුණොත් තමයි මම මගේම කියලා නිර්මාණයක් කරන්නේ. මොකද මට අවශ්‍ය කරන්නේ නැහැ රැල්ලට ගීත නිර්මාණ කරන්න නෙමෙයි. මට ගැළපෙනවා කියලා හිතන හොඳ නිර්මාණයක් මට ලැබුණ දවසක මම මගේම කියලා නිර්මාණයක් එළිදක්වනවා.

"සිදූ" ටෙලි නාට්‍යයෙන් පස්සේ?

තවත් ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත්, දැනට මම මූලිකත්වය දීලා තියෙන්නේ සිදූ ටෙලි නාට්‍යයට. ඒක අවසන් වුණාහම තමයි ඉදිරි නිර්මාණ කෙරෙහි මම අවධානය යොමු කරන්නේ.

ස්තුති කරන්න පිරිසකුත් ඇති?

ඔව් ඉන්නවා. විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා හා මගේ අක්කලා දෙන්නා මතක් කළ යුතුයි. මම මුලින්ම කලා ක්ෂේත්‍රයට ආවේ "කඳුරට" ගුවන් විදුලියේ ළමා නිවේදිකාවක් විදිහට. එම නාළිකාවේ මට උදව් කරපු බොහෝ පිරිසක් හිටියා. ඔවුන්ට අමතරව සරත් හා ඉන්දික කියන සර්ලා දෙන්නත් මට ගොඩක් උදව් කළා. ඒ වගේම මේ වෙලාවෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා දෙරණ නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ ඇතුළු එම ආයතනයේ සියලුම දෙනාව.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.