Dec 02

ගොසිප් හැදෙන්නේ නැතිව ඉන්න විදිය මං දන්නවා

ටනාෂාත් දැන් සිනමා නිළියක් නේද?

ඔව්. මගේ පළමුවැනි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මම මාධ්‍යවේදිනියකගේ චරිතයක් රඟපානවා.

මේ චිත්‍රපටය දැකලා චිත්‍රපට කීයකට විතර ආරාධනා ලැබුණාද?

මේ චිත්‍රපටය එන්නත් කලින්ම චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපට දෙකත් ළඟදීම තිරගත වෙයි. නමුත් මේ චරිතයට වඩා ඒ චිත්‍රපටවල චරිත වෙනස්.

ටනාෂා පෙම්වතියක් කියලා ආරංචියක් ලැබුණා. ඒක ඇත්තද?

එහෙම දෙයක් නැහැ. ඇත්තටම හැමකෙනෙක්ම මගේ හොඳම යාළුවෝ. ඉතින් සමහර විට ඒ යාළුකම වැරැදියට දකින කෙනෙක් එහෙම කියනවා ඇති.

එතකොට ටනාෂා ක්‍ෂේත්‍රයට එන මුල්ම කාලේ සංගීත ක්‍ෂේත්‍රයේ කෙනෙක් සමඟ පෙම් පලහිලව්වක් තිබුණලු නේද?

යාළුවෙක් නම් හිටියා. ඒක යාළුකමක් විතරයි. ප්‍රේම සම්බන්ධයක් නම් නෙවෙයි. එයා ගැන එහෙම හිතිලත් නැහැ. තාමත් එයා මගේ හොඳම යාළුවෙක්.

සිනමාවේ සහ ගීත රූප රචනාවල විතරක්ම ඉන්නේ. ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට එන්න අදහසක් නැද්ද?

රන් දේදුන්නක් කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. දැනට සිනමාවේ විතරක් ඉන්න අදහසක් තියෙනවා.

සිනමාවේ රංගනයත් ගීත රූප රචනාවල රංගනය තරම්ම පහසුද?

අම්මෝ ෆිල්ම් එක ගැනනම් බය වෙලා හිටියේ. ෆිල්ම් එකක් කියන්නේ ලොකු ප්‍රජෙක්ට් එකක් නේ. මම හුඟක් බය වුණා.

ටනාෂා නිරූපණ ක්‍ෂේත්‍රයෙත් නමක් දිනාගත් කෙනෙක් නේද?

ඔව්, මම දෙරණ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ග්ලෝබල් තරගයෙන් දෙවැනි ස්ථානයට ආවා. ඊට පස්සේ මිස් ග්ලෝබල් තරගයේ මිස් ඇක්ට්‍රස් විදියටත් තේරුණා.

එවැනි තරගවලට සහභාගි වෙද්දී ගැහැනු ළමයෙක් විදියට ටනාෂා දාගෙන තියෙන සීමාවන් මොනවද?

බියුට් පැජේන්ඩ්වලදී, බිකිනි අඳින එක අනිවාර්යය දෙයක්. ඒක කරන්නම වෙනවා. නමුත් මම එයාලට කිව්වා අපේ රටේ සංස්කෘතිය අනුව මට හුඟක් ඕපන් අඳින්න බෑ මම කවර් කරලා අඳින්නම් කියලා. මගේ සීමාව තමයි ඒක.

රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස රුව ලස්සන රැකගන්න මොනවද කරන්නේ?

රූපය ගැන කතා කළොත් එහෙම විශේෂ දෙයක් කරන්නේ නැහැ. ගුණ දේවල් කනවා. වතුර බොනවා. ව්‍යායාම කරනවා. කොහොමත් සතියට දින 4ක්වත් ඇවිදින්න යන එක මගේ පුරුද්දක්.

ටනාෂාගේ විනෝදාංශ මොනවද?

මම පීනන්න ආසයි. මට හොඳට පීනන්නත් පුළුවන්. චිත්‍රපට බලනවා. බොලිවුඩ් චිත්‍රපට බලන්න නම් සෑහෙන්න කැමැතියි.

සිනමා නිළියක් විදියට හොලිවුඩ් බොලිවුඩ් රංගන ශෛලිවලින් උකහාගත් දේවල් මොනවද?

සිනමාවේ විතරක් නෙවෙයි නිකන් පාරේ හම්බවෙන මිනිස්සුන්ගෙන් වුණත් අපිට උකහාගත හැකි දේවල් බොහෝමයක් තියෙනවා. සිනමාව ගත්තාම ඒ කියන දේට වඩා හුඟක් දේවල් උකහා ගන්න පුළුවන්.

ක්‍ෂේත්‍රය තුළ පැවැත්ම වෙනුවෙන් ටනාෂා කරන දේවල් මොනවද?

මම හිතන්නේ පැවැත්ම කියන දේ අපි කරන වැඩ මත තීරණය වෙනවා. අපි හරියට භාරගන්න වැඩේ කරනවා නම් මම හිතන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එතැනින් පැවැත්ම තීරණය වෙනවා.

එතකොට හරි දේ කළත් සමහර අයට පැවැත්මක් නැති වෙන්නේ ඇයි?

මම හිතන්නේ අපි ක්‍ෂේත්‍රයට එන්නේ මොකටද, ඉන්න ඕන කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපේ සීමාව දැනගෙන ඉන්න දැනගත්තාම හරි. එතකොට පැවැත්මක් තියෙනවා.

ටනාෂා ක්‍ෂේත්‍රයේ හතුරෝ ඉන්නවාද?

මම දන්න තරමින් එහෙම මාත් එක්ක තරහා වුණු අය නැහැ. සමහර විට මූණට හිනා වෙලා පිටිපස්ස හැරිලා යද්දී බනිනවාද දන්නේ නැහැ. ඒත් මට පේන්න නම් කවුරුත් මොනවත් කියලා නැහැ.

ටනාෂාට ගොසිප් තරුවක්ද?

මම හිතන්නේ නැහැ. මම ගැන ගොසිප් යනවා. නමුත් ඒ මම කළ නිර්මාණ සම්බන්ධව විතරයි. මම ක්‍ෂේත්‍රයේ ඉන්න අය ගැන හොඳට දන්නවා. ඒ නිසා මම ගාණට ඉන්නේ. එතකොට ගොසිප් හැදෙන්නේ නැහැ.

පැවැත්ම කියන දේ තහවුරු වෙන්නෙ ගොසිප් අවශ්‍යතා නැද්ද?

කොහෙත්ම අවශ්‍ය නැහැ. පැවැත්ම තියාගන්න ටැලන්ට් එක හොඳටම ඇති. දක්‍ෂ අය ඕන තරම් ගොසිප් හදාගන්නේ නැතිව ඉන්නවා. ජනප්‍රිය වෙන්න කතා හදාගන්න ඕන නෑ.

ටනාෂා රංගනය පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවද?

තවම නැහැ. නමුත් රංගනය ගැන හදාරන්න මගේ අදහසක් තියෙනවා. ලංකාවෙන් පිට ගිහින් හෝ රංගනය පිළිබඳ හැදෑරීම කළ යුතුයි. මම හිතන්නේ රංගනය ගැන හැදෑරීම නමක් හදාගෙන ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නත් හේතුවක් වෙනවා.

අලුත් නිර්මාණ තුළින් ටනාෂා ඉදිරියේදී දකින්නට ලැබෙයි නේද?

ඔව්, මට ආරාධනා කීපයක් ලැබුණා. නමුත් ඒ ඒ චරිතවල යම් යම් ගැටලු නිසා මම ඒ ආරාධනා ප්‍රතික්‍ෂේප කරනවා. ඉස්සරහට ගීත රූප රචනාවල සහ නිරූපණ ක්‍ෂේත්‍රයෙන් මාව දැකගන්න පුළුවන්.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.