Dec 15

අමිලගෙයි තේජාගෙයි අවුරුදු එකොළහක ආදරයට මොකද වෙලා තියෙන්නේ

මේ දවස්වල තේජා ගෙදර ඇවිත්නේ. කොහොමද ඉතින් ගෙවෙන ජීවිතේ?

ඔව්. එයා දවස් තුන හතරකට ගෙදර ඇවිත් ඉන්නේ. එයා මේ ටිකේ ළඟ ළඟ දවස්වල ලංකාවට ආවා. ගෙදර එන්නේ වැඩ ගොඩක් දාගෙන. නිසා එයා ගෙදර ආපු දවසේ ඉඳන් මමත් එහේ මෙහේ දුවනවා එයාගේ වැඩවලට.

තේජා වෘත්තීය ජීවිතයටද වැඩි බර දීලා තියෙන්නේ?

මගේ රැකියාවේ හැටියට මම වෘත්තිය පැත්තටත් මුල්තැන දීලා තියෙනවා. ඒත් මම පවුල පැත්තටත් කාලය යොදවන්න උත්සාහ කරනවා. රැකියාව ගැන විතරක් හිතලා වැඩ කළා නම් මට ඕෆ් ඩේ වලත් වැඩ කරලා අපේ ආර්ථික තත්ත්වයට තවත් මුදල් හොයන්න තිබ්බා. ඒත් මම එහෙම නැහැ. නිවාඩුවක් ලැබුණ ගමන් ලංකාවට එනවා. අපි හරි මධ්‍යස්ථ තැනක ඉඳන් හැමදේම කරගෙන සතුටින් ඉන්නවා.

වෘත්තියක් කරන නිසා පවුලේ වගකීම් මිස් වෙන්නේ නැද්ද?

මම හිතනවා මම ඊට වඩා ලොකු වගකීමක් ඉටු කරනවා. ගෙදර උයන පිහන වැඩ මගේ අතින් නොවුනට අනෙක් හැමදේම අපි සමබර කරගෙන කරනවා. අමිලගේ අම්මයි, තාත්තයි මට ලොකු සහායක් දෙන්නේ. ඒකයි මට හැමදෙයක්ම බැලන්ස් කරගෙන කරන්න පුළුවන්. නැත්නම් මගේ අතින් දේවල් මිස් වෙනවා. හැබැයි අමිල ඩුබායි ආවම මම උයලා දීලා හැම වැඩක්ම එයාට කරලා දෙනවා.

ඒ කියන්නේ තේජා ලංකාවේ නැති වෙලාවට අමිල ඩුබායි යනවද?

ඔව්.. රිදම් චැට් වැඩසටහන කරලා මම ගෙදර එන්නේ ඊළඟට තියෙන ෆ්ලයිට් එකේ ඩුබායි යන්න. එහෙම ගිහින් ආයෙත් මම ලංකාවට එන්නේ ඊළඟ සතියේ වැඩසටහන කරන්න බලාගෙන. තේජාට ලංකාවට එන්න බැරි අවස්ථාවල මම එයා ළඟට යනවා.

අමිල කවදාවත් තේජාට කියලා නැද්ද රැකියාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කියලා?

නෑ. එයා එහෙම කියනවට මම අකැමැතියි. මම වැඩ කරන්න කැමැති කෙනෙක්. ගෙදර ආවත් මම ඇඳුම් ඩිසයින් කරනවා. මොනවා හරිම දෙයක් කරනවා. මට ෆුල් ටයිම් ගෙදර ඉන්න අමාරුයි. දරුවෙක් ලැබුණ කාලෙක නම් මම ගෙදර ඉඳියි. හැබැයි මම ඒත් මොනවා හරි වැඩක් කරයි.

තේජාට ගෙදරට වෙලා ඉන්න කියන්න හිතෙන්නේ නැද්ද අමිල?

තේජා හරි ඉක්මනින් රැකියාව පැත්තෙන් ඉදිරියට ගිය කෙනෙක්. එයාට තරුණ වයසෙන් එයාගේ රැකියාව තුළ ඉහළ තනතුරක් ලබන්න පුළුවන් වුණා. එයාට එහෙම ඉහළට යන්න පුළුවන්කම තියෙද්දී ඒකෙන් ඉවත් වෙන්න කියන එක අසාධාරණයිනේ. ඒක අපරාධයක්. ඒ නිසා මම එයාට බලකරන්නේ නැහැ.

එතකොට අමිලගේ රංගන කටයුතුවලට තේජා බලපෑම් කරන්නෙත් නැද්ද?

නැහැ. එයා රඟපානවට මම කැමැතියි. ඒක එයාගේ ටැලන්ට් එකනේ. ඒ නිසා මම එයාට බලපෑම් කරන්නේ නැහැ.

නළු බිරින්දෑවරු සැමියාට සමහර නිළියෝ එක්ක රඟපාන්න එපා කියපු අවස්ථා තියෙනවා. තේජා එහෙම තේරීම්වලට මැදිහත් වෙන්නේ නැද්ද අමිල?

නැහැ. මම වැඩක් කරලා ගෙදර එනවා මිසක් එකට වැඩ කරපු අයව ගෙදර එක්ක එන්නේ නෑ කියලා එයා දන්නවා. ඒ නිසා එයා එහෙම බලපෑම් කරන්නේ නැහැ.

අමිල නිළියො එක්ක රඟපාද්දී තේජාට ඊර්ෂ්‍යාවක් ඇති වෙලාම නැද්ද?

ඉස්සර නම් මම වෙනස්. මම සමහර දේවල්වලට upset වෙනවා. පොඩි දෙයටත් ජෙලස් වෙනවා. දැන් ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්නේ.

කාලෙකට එක දිගට පේන්න ඉන්නවා. කාලෙකට පේන්නේ අඩුවෙන්. ඇයි ඒ අමිල?

විකාශය වෙන්න ගත්තම එක දිගට නාට්‍ය විකාශය වෙනවා. මේ දවස්වල නම් සොඳුරු දඩයක්කාරයෝ විතරයි විකාශය වෙන්නේ. තව නාට්‍ය පහක් විතර එන්න තියෙනවා. ඒවා විකාශය වෙන්න ගත්තම ආයෙත් එක දිගට විකාශය වෙයි. මේ ටිකේ නම් මම මාසයක් විතර නිශ්ශබ්දව හිටියා. මොකද එක දිගටම පේන්න ගත්තොත් මිනිස්සුන්ටත් එපා වෙනවනේ.

විශේෂ අවස්ථාවලත් වැඩිපුර පේන්න නෑනේ?

මම හැමතැනම පේන්න ඉන්න චරිතයක් නෙවෙයි. විශේෂයෙන් පාටිවලට, වෙනත් උත්සවවලට ගොඩක් සහභාගි වෙන කෙනෙක් නෙවෙයි මම. අවශ්‍යම දෙයට විතරයි මම යන්නේ.

ඒ ඉන්න තැන්වලත් තේජාව දකින්න ලැබෙන්නේ නෑනේ?

මම යන යන තැන එයාව පස්සෙන් එක්ක යන්නේ නෑ. ක්‍ෂේත්‍රයේ වැඩවලට එයාව එක්ක යන්නෙම නැති තරම්. හැබැයි වෙඩින්වලට, ඒ අවශ්‍ය තැන්වලට මම එයත් එක්ක යනවා.

තේජා කැමැති නැද්ද අමිලත් එක්ක හැමතැනම ගිහින් ජනප්‍රිය නළු බිරියක් වෙන්න?

මට එහෙම අවශ්‍ය නැහැ. මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නෙවෙයි. මට ජනප්‍රිය වෙනවට වඩා එයා එක්ක ගෙවන කාලය වටිනවා.

පවුල් ජීවිතේ ඇතුළේ ප්‍රශ්න ඇති වෙලාම නැද්ද තේජා?

අපි දෙන්නා ඕන තරම් රණ්ඩු වෙනවා. හැබැයි ඒවා විසඳගන්න බැරි ප්‍රශ්න නෙවෙයි. අපි විහිළුවක් කරලා වැරැද්ද කළ කෙනා සමාව අරන් ඒ පුංචි ප්‍රශ්න විසඳ ගන්නවා.

දැන් විවාහ වෙලා අවුරුදු එකොළහක් වෙනවනේ. අමිලගෙන් මුල් කාලේ ලැබුණ ආදරේ තාමත් වෙනස් වෙලා නැද්ද?

ආදරේ වෙනස් වෙලාද නැද්ද කියලා හරියට තේරෙන්නේ නැහැ. ඒත් ඉස්සරහට වඩා අපේ ආදරේ ගොඩක් ගැඹුරු වෙලා කියලා හිතෙනවා.

රංගන ශිල්පිනියෝ ගොඩක් එක්ක අමිල රඟපානවා. කවදාවත් අමිල ගැන තේජාට අවිශ්වාසයක් ඇති වෙලා නැද්ද?

මම දන්නවා මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා මට එයා ගැන අවිශ්වාසයක් නැහැ.

දෙන්නා දෙතැනක ඉන්නේ නැතිව එක තැනකට ආවොත් නරකද අමිල?

අපි දෙතැනක ඉන්නවා කියලා පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. අපි පුළුවන් හැම වෙලාවෙම එකට ඉන්නේ. අවුරුදු ගාණක් මේකට හුරුවෙලා ඉන්න නිසා අපිට අමුත්තක් දැනෙන්නේ නැහැ. නිතරම එකට ඉද්දීත් අගය අඩුවෙනවා කියනවනේ. සතියකට දවස් දෙක තුනක් දකින්නේ නැතිව ඉඳලනේ අපි දකින්නේ. එතකොට අගයත් වැඩියි. කොහොම වුණත් එක තැනකට එන්නත් ඕන. ඒක තව ටික කාලයකින් තීරණය කරනවා.

ගෙදරට දැන්මම පුංචි අමුත්තෙක් ගේන්න අදහසක් නැද්ද තේජා?

අපිත් හරි ආසයි දරුවෙක්ට. ඒ දේවල් හරි වෙලාවෙදි සිද්ධ වෙයි.

මේ දවස්වල අලුත් කැදැල්ලක් ගැන හීන දකිනවලු නේද?

ඔව්. අපි අපිටම තිබ්බ ගේ විකුණුවා. ඒ අපි ආස කරන විදිහේ නිවෙසක් හදන්න. අපේ ඊළඟ හීනය ඒක තමයි.

අමිලටත් රංගන ජීවිතයේ සහ පවුල් ජීවිතයේ ඉදිරි සැලසුම් ඇති?

ටිකිරි රත්නායක මහත්මයාගේ ටෙලි නාට්‍යයක වැඩ කරගෙන යනවා. නිල්වලා ආයතනය කරන අලුත් ටෙලිනාට්‍යයකත් වැඩ පටන් ගන්න තියෙනවා. ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වගේම තේජයි, මමයි එකතු වෙලා බිස්නස් එකක් කරන්නත් සැලසුමක් තියෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.