Nov 26

විකෘති ආශාවන් තිබූ සැමියාව ඕස්ට්‍රේලියාවේදී මිටියෙන් ගසා මැරූ ලාංකික වෛද්‍යවරිය කඹලෙන් ලිපට වැටෙන ලකුණු

වසර දෙකකුත් මාස කීපයකට මත්තෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකේය වෛද්‍ය යුවළක් ගැන අවාසනාවන්ත පුවතක් මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණේය. බටහිර ඔස්ට්‍රේලියාවේ ජෙරල්ටන් හි ජීවත් වූ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරළ සහ වෛද්‍ය චාමරී ලියනගේ ඒ අවාසනාවන්ත කතාව මතු වූයේ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරළගේ අභිරහස් මරණයත් සමගයි. අභිරහසක්ව තිබුණු වෛද්‍ය අතුකෝරළගේ මරණයේ රහස් සියල්ල හෙළි වූයේ පෙරටත් වඩා අවාසනාවන්ත අතීතයක්ද, මතු කරමිනි.


වෛද්‍ය අතුකෝරළගේ මරණය සම්බන්ධ සියලූ‍ ‍පොලිස් පරීක්ෂණ අවසානයේ මරණයට වගකිව යුත්තා බවට පත් වී තිබුණේ ඔහුගේ බිරිඳ වෛද්‍ය චාමරී ලියනගේයි. ‍පොලිස් පරීක්ෂණවලින් හෙළිවුණු තොරතුරුවලට අනුව වසර පහක් වූ වෛද්‍ය දෙපළගේ විවාහ ජීවිතය සතුටුදායක එකක් වී නැත. වෛද්‍ය අතුකෝරළ විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයකුව සිට ඇති අතර වෛද්‍ය චාමරී ඔහුගේ අසාමාන්‍ය ජීවිතය නිසා දැඩි පීඩනයකට පත්ව සිට ඇත. වෛද්‍ය අතුකෝරළ මරා දැමීමට මුල් වී ඇත්තේ ද ඔහුගේ ඒ විකෘති මානසිකත්වයම බව පෙනේ.

සිය සැමියාගේ මරණයට වරදකාරිය බවට බටහිර ඔස්ට්‍රේළියාවේ අධිකරණය මගින් තීරණය කෙරුණු වෛද්‍ය චාමරී ලියනගේට සිව් අවුරුදු සිර ද~ුවමක් නියම වූ අතර ද~ුවම් කාලය අවසන් වූ පසු ඇයගේ ඔස්ට්‍රේලියානු විසා අවලංගු කර නැවත ශ්‍රී ලංකාවට එවිය යුතු බවටද තීරණය විය. මේ වන විට බටහිර ඔස්ට්‍රේලියාවේ ග්‍රිනොව් කලාපීය සිරගෙදර සිය ද~ුවම් කාලය ගෙවා දමමින් සිටින වෛද්‍ය චාමරීගේ ද~ුවම ලබන වසරේ මුල් කාලය වන විට අවසන් වනු ඇතැයි අසන්නට ද තිබේ.

කටින් කට පැතිරෙන මේ ආරංචිය වෛද්‍ය චාමරී තවදුරටත් පිඩනයට පත් කරනු ලැබ ඇත. තමන් පත්වීමට යන අවාසනාවන්ත තත්ත්වය ගැන තැවුලට පත් වී සිටින වෛද්‍ය චාමරී තමන් නැවත ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඉල්ලමින් ඔස්ට්‍රේලියාවේ ආගමන, විගමන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

—මම මේ විඳින ද~ුවමට පාදක වුණු හේතු කාරණා සහ එම සිදුවීමේ පසුබිම ඔබගේ අවධානයට යොමු කිරීමට මම කැමැත්තෙමි. මම අවුරුදු ගණනාවක් පුරා නින්දා සහගත සේම ප්‍රචණ්ඩකාරී බැඳීමක් විඳිමින් ජීවත් වුණු තැනැත්තියක් වෙමි. මා වෙත ලැබුණු නඩු තීන්දුව සහ නඩු තීන්දුව ලබා දීමේ දී අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු කරුණු ආදිය නිසාද මගේ ඉදිරි ජීවිතයට බලපෑමක් ඇති වූවා යැයි මම කල්පනා කරමි. මේ සියල්ල නිසා මා නැවත ශ්‍රී ලංකාවට ගියහොත් එහිදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවත්, මාගේ සහ මාගේ ශ්‍රී ලංකාවේ සිටින පවු‍ලේ අයගේ ආරක්ෂාව පිළිබඳවත් මම කරදරයට පත් වී සිටිමි. මා සම්බන්ධව සිදුවීම් සියල්ල ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් සේම ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධියට පත් වී තිබුණු බව ද සඳහන් කරනු කැමැත්තෙමි. ඒ නිසා මා ශ්‍රී ලංකාවට ගියහොත් මටත් මාගේ පවු‍ලේ සියලූ‍ දෙනාටත් දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. මේ කරුණු සලකා බලා මාගේ ඔස්ට්‍රේලියානු වීසා අවලංගු නොකරන ලෙසටත්, මා ලංකාවට නොයවන ලෙසටත් ඉල්ලා සිටිමි.˜ ලෙස වෛද්‍ය චාමරි ලියනගේ ආගමන විගමන අමාත්‍යවරයා වෙත යැවූ ලිපියෙහි සඳහන් කර තිබේ.

වෛද්‍ය චාමරීගේ ඉල්ලීම පිළිබඳ ඇයගේ ආගමන විගමන කටයුතු පිළිබඳ නීතිඥවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඇයගේ අතීත ජීවිතය ගැන කරුණු ගෙන හැර පාමිනි.

—මාගේ සේවාදායකයා දෙබඩි ජීවිතයක් ගත කළ අයෙක්.˜ ඔහු ඉදිරිපත් කර ඇති කරුණුවල එසේ කියැවෙයි.

—එක් පැත්තකින් ඇය ඛෙහෙවින් ගෞරවය ලැබූ බුද්ධිමත් වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටි කෙනෙක්. රෝගීන් වෙනුවෙන් ඉතාම වෙහෙස වී කැපවීමෙන් කටයුතු කළ වෛද්‍යවරියක් ලෙසට ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක්. නමුත් අනෙක් පැත්තෙන් ඇය ඉතාම දරුණු ලෙස අපයෝජනයට ලක්වුණු, තමන්ගේ වාසිය උදෙසාම කටයුතු කළ පුද්ගලයකු හා ගොඩනැගුණු සම්බන්ධයක වින්දිතයෙක්ව සිටි කෙනෙක්. ඒ සම්බන්ධතාව නිසා ඇය ඉතාම පීඩනයට පත් වී සිට තිඛෙනවා. ලැජ්ජා සහගත ක්‍රියාකාරකම්වල ගොදුරක් බවට පත් වී ඇය පීඩාවට පත් වී සිටි බව පරීක්ෂණවලදී තහවුරු වුණා. ඒ වගේම ඇය ආගමන, විගමන නීති උල්ලංඝනය කරමින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කෙනෙක් ‍නෙවෙයි.

සුදසුකම් ලත් වෘත්තිකයෙක් විදියටයි ඇය ඔස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නේ. ඇය මේ වන විට ඕනෑවටත් වඩා කරදරවලට පීඩාවන්ට ලක් වී තිඛෙනවා. ඇය නැවත ලංකාවට යැවීමෙන් සිදු වන්නේ ඇය තවදුරටත් පීඩාවට සහ වේදනාවට ලක් වීමයි. ඇයට ශ්‍රී ලංකාවේදී ලැඛෙන ආරක්ෂාව කෙබඳු වේදැයි අපට විශ්වාසයක් තබන්නත් අපහසුයි. ඒ වගේම නැවත ශ්‍රී ලංකාවට යැවීමෙන් ඇගේ වෘත්තිය ජීවිතය පවා බිඳ වැටෙන්නට ඉඩ තිඛෙනවා.

මෙවැනි තත්ත්වයන් හමුවේ ඇය නැවත ශ්‍රී ලංකාවට යැවීමට තීන්දු කිරීම සාධාරණ දැයි සිතා බැලීම වැදගත්. මගේ නම් විශ්වාසය මෙවැනි සාහසික අපයෝජනයන්ට ලක්වුණු වින්දිතයන් ආරක්ෂා කර ගැනීම ඔස්ට්‍රේලියානු සමාජය විසින් සිදු කරනු ලැබිය යුත්තක් නමුත් අපහසු තත්ත්වයන් රැසකට මුහුණ දුන් ඇයව ඔස්ට්‍රේලියාවෙනුත් පිටුවහල් කිරීම මා සිතනා ලෙසට ඇයට කම්මුල් පහරක් ගසනවා වැනි දෙයක්˜ යැයිද වෛද්‍ය චාමරීගේ ආගමන විගමන නීතිඥවරයා වැඩිදුරටත් පවසා ඇත.

වෛද්‍ය චාමරී ලියනගේ සිය ඉල්ලීම් ලිපිය මගින් දක්වා ඇති කරුණු පිළිබඳ සලකා බැලීම ඉදිරියේ දී සිදුවනු ඇති බවත්, ඇයව ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට එවනවාද, නැද්ද යන්න තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් දැන ගන්නට තිබේ.



- citizen.lk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.