Nov 28

ජනපතිවරණයට කලින් දා මිසින් වුණු කෝටි 300ක් ගැන මෛත්‍රි හෙළිකරයි

ජනාධිපතිවරණය පැවැති 2015 ජනවාරි 08 වැනිදාට පෙරදින එනම් ජනවාරි 07 වැනිදා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,012ක චෙක්පතක් මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් නිකුත් කර ඇතත්, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න දැන ගන්නට නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගාල්ලේදී හෙළි කෙළේය.

නිල්වලා යෝජනා ක්‍රමය සඳහා 2012දීද චීන සමාගමක නමින් රුපියල් මිලියන 1,000ක් නිකුත් කර ඇති අතර මේ මිලියන 3,012ක මුදල් යොදවා නිල්වලා යෝජනා ක්‍රමයේ එකද පස් පිඩැල්ලක්වත් කපා නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති මැතිවරණයට කලින් දවසේ මුදල් අමාත්‍යාංශය මෙවැනි ගනුදෙනුවක් කෙළේ කොහොමද, මැතිවරණයකට පෙර දින චෙක්පත් ලියන, රාජකාරී කරන අමාත්‍යාංශ තිබෙනවා දැයි ප්‍රශ්න කළ ජනපති මේවා විමර්ශනය කළ යුතු සැකකටයුතු ගනුදෙනු නොවන්නේ දැයි විමසුවේය.

- මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.