Nov 03

අමරදෙව් සර නිසළවෙයි

ප්‍රවීණ සංගීතවේදී,ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරින් සිය දිවිසැරිය නිමා කර තිබේ.

‍හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඊයේ රාත්‍රීයේ ඇතුළත් කළ අමරදේව සූරීන් මිය යන විට 88 වන වියේ පසුවිය.

ඩබ්. ඩී. අමරදේව සූරීන් උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළ ‍‍ගෞරවණීය කලාකරුවෙකි.

 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙලොව එළිය දුටු,වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස පසු කලෙක ඩබ්.ඩී අමරදේව නමින් ප්‍රකට වූ අතර එම නම භාවිතා කරන ලෙස යෝජනා කර ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් යයි කියනු ලැබේ.

 සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කරගනිමින් හෙතෙම හෙළ සංගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටු කළේය.

අමරදේව  සූරීන් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් වන අතර ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉක්බිතිව ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත්ව පසු කලෙක ඉන්දියාවේ ලක්නව්හි  භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයටද ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවේය.

"අශෝකමාලා" චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සූරීන්ගේ සේවය ලබාගෙන තිබේ.

දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබූ අමරදේව සූරීන් ඒ අතර පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදීය විශේෂ කොට සැලකිය හැකිය.

එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සලකුණු කළ විශිෂ්ටයෙකු විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.