Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Hot Gossip - Lanka WALPAL News

Sponsored Ads

Gossip - Lanka Latest

ජාත්‍යන්තරව පැවැත්වෙන රූ රැුජිණ තරගයකදී ශ්‍රී ලංකාවට මෙතෙක් ඉහළම ස්ථානයක් ගෙනදුන් සුරූපිනිය ලෙස හැඳින්වෙන්නේ මොරීන් හින්ගර්ස්ගෙ නාමයයි.

1955 දී තමයි ඇය ශ්‍රී ලංකාවට ඒ කීර්තිය ගෙනැත් දුන්නෙ. එදායින් පසුව ශ්‍රී ලංකාවට විවිධ රූ රැජිණ ඉසව් ඔස්සේ බොහෝදෙනා කීර්තිය ගෙනැත් දුන්නත් මොරීන්ගෙන් පසුව ඉහළම තැනක් අරන් දුන්න කෙනා ලෙස හැඳින්වෙන්නෙ මේ ටේ‍්‍රසි ඈන් ඩි සිල්වාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වූ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෙවත් ලොව පුරා රටවල් ගණනාවක සුරූපිනියන් සහභාගි වූ අන්තර්ජාතික රූ රැුජිණ තරගයේදී දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ මේ ටේ‍්‍රසි ඈන් ඩි සිල්වාය. ශ්‍රී ලංකාවට රූ රැුජිණ තරග ඉසව්වකින් වසර පනහකටත් පසු දීර්ඝ කාලයකට පසුව මේ ජයග‍්‍රහණය ගෙනදුන් මේ ‘‘ටේ‍්‍රසි’’ කවුද?

 ‘‘ටේ‍්‍රසි’’ වෘත්තියෙන් ඔබ මොනවද කරන්නෙ?

ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසලේ ප‍්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කරනවා.

 පවුලේ විස්තර කිව්වොත්?

ව්‍යාපාරික පවුලක්. පවුලේ අම්මා - තාත්තා, නංගි සහ මම විතරයි. අපි පදිංචිය තලවතුගොඩ.

 ඇයි ඔබට මේ විදියට රූ රැුජිණ තරගයකට එන්න හිතුණේ?

බ‍්‍රයිඞ්ස් ඔෆ් ශ්‍රී ලංකා මෙහෙයවූ මනාලියන් ලෙස හැඩවූ බියුටි පැජන්ට් එකකට පෙනී සිටියා. ඒ නිරූපණ අවස්ථාවෙන් පසුව බොහෝදෙනා මට යෝජනා කළේ රූ රැුජිණ තරගයකට ඉදිරිපත් වෙන්න කියලයි. විශේෂයෙන්ම රටවල් හැට ගණනක සහභාගීත්වයෙන් ලංකාවේ පැවැත්වූ මේ තරගයට ඉදිරිපත් වෙන්න කීවා. ඒ විදියට තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ.

 එහිදී ඔබට හිමිවුණේ?

දෙවැනි ස්ථානය සහ මිස් ඕෂනියා අංශයෙනුත් ජය හිමිවුණා. පසුව තමයි මම දැනගත්තෙ 1955 න් පසුව මේ වගේ විශිෂ්ට ස්ථානයක් ශ්‍රී ලංකාවට ලැබුණේ කියලා.

 දැන් මේ ජයග‍්‍රහණයෙන් පසුව අරමුණ මොකක්ද?

මගේ රටට මේ ජයග‍්‍රහණයෙන් යමක් කළ යුතුයි. විශේෂයෙන්ම දුප්පත්කම නැතිකිරීම උදෙසා විවිධ සමාජ සත්කාර සහ ව්‍යාපෘතිවලට දායක වෙන්න උත්සාහ ගන්නවා.

 ඔබ මොන විදියෙ කෙනෙක්ද?

ඉතා මිත‍්‍රශීලී, කරන දේට හරිම අවංක කෙනෙක්. සමහර විට හැමෝම මම වගේ කියලා හිතාගෙන විශ්වාස කිරීම මගේ දුර්වලකමක් වෙන්න පුළුවන්. නමුත් බොහෝදෙනාගෙන් ප‍්‍රශ්න අහනවාට වඩා මගෙන්ම ප‍්‍රශ්න අහන්න මම කැමතියි.

 කාන්තාවක් කොහොම විය යුතුය කියලද ඔබ හිතන්නෙ?

කාන්තාවක් මොන දේ හෝ වේවා, සුබවාදීව ඒ දිහා බලනවා නම් හොඳයි. ඒ වගේම ගෞරවයෙන් ජීවත් විය යුතු වගේම අනෙක් අයටත් ගෞරව කිරීම අතිශයින්ම වැදගත්. කාන්තාවක් ස්වාධීන විය යුතු වගේම සමාජයෙන්ද ඇයට ඒ ස්වාධීන බව ලැබිය යුතුයි.

 පාසල් කාලයේදී ඔබ වඩා දක්ෂ වුණේ?

ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයට බෙහෙවින් ලැදි වුණා. මලල ක‍්‍රීඩා, පිහිනුම්, දැල්පන්දු, පැසිපන්දු ක‍්‍රීඩා කළා. නමුත් පාසල් ජීවිතයට සමුදුන් පසුව ශාරීරික යෝග්‍යතාවල විතරයි නිරත වුණේ. දැන් වැඩිපුර කාලය ලබාදෙන්නේ ඉගැන්වීමේ කටයුතු සඳහායි.

විවේකය කොහොමද ගෙවන්නෙ?

නර්තනය, ගායනයට බොහොම ලැදියි. ඒ වගේම ආහාර රසවින්දනය ගැනත් හිතනවා.

ටේ‍්‍රසි ජීවිතය ගැන කොහොමද හිතන්නෙ?

සෑම දිනක්ම අලූත් දිනක්. ජීවිතයත් හැමදාම අලූත්. ගෙවී යන සෑම තත්ත්පරයක්ම හරිම වැදගත්. ඒ කාලයේදී මොනවද කළයුත්තේ කියලා හඳුනා ගැනීම වැදගත්. ජීවිතයෙ අපට අනාවැකි කියන්න බැහැ. නමුත් මිනිසුන් දිහා ආදරණීයව බැලීම වැදගත්. ඒ වගේම තමුන් තමුන්ගෙ ජීවිතයට ආදරය කිරීමත් ඉතා වැදගත්.

 මේ ලැබුණු අවස්ථාවත් සමග ජාත්‍යන්තර සිනමාවට යාමේ අරමුණක් එහෙම නැද්ද?

ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් පැහැර හරින්නේ නැහැ. සිංහල චිත‍්‍රපටවල රඟපෑම නම් ටිකක් අමාරු වෙයි. මගේ සිංහල භාෂාව උච්චාරණය එච්චර හොඳ නැහැ.
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2016 Gossip - Lanka News Email : info@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka PHOTO Gallery

Contact News EDITOR

Sponsored Ads