Oct 04

ජාත්‍යන්තරය ජයගත් ලංකාවේ අර්ජුන්

අර්ජුන් යනු ලංකාවේ උපන් දැනට ලොව වටා සංචාරය කරන ගායකයෙකි , ගීත නිර්මාණකරුවෙකි ඔහු වඩාත් ජනප්‍රිය fusion හා RnB සංගීත ආකාර වලටය. ඔහුගේ බොහෝ ගීතවල දකුණු ආසියානු අභාෂය ගැබ්වී ඇත.  Anokhi සම්මාන උළෙලේ 2016 වසරේ හොදම ගායකයාට හිමි සම්මනයෙන් පිදුම් ලදී. මොහු සමග  මෙහිදී water අධ්‍යක්ෂණය කල දීපා මෙහෙතා චිත්‍රපට අධ්‍යක්ෂක වරියද  "Excellence In Film Innovation" සම්මානය දිනාගන්නා ලදී.

UK Asian Music Awards (2012)  හි "Best Urban Act" එකට අදාල සම්මානය ලබාගත් අතර , අන්තර්ජාතික සම්මාන උළෙලවල් වන BRIT ASIA සම්මාන උළෙලේ හොදම නැගී එන ගායන  ශිල්පියාට හිමි සම්මානයට යෝජනා විය. ඔහුව        MTV- UK හි "top 20 unsigned acts - 2012 " සදහාද තෝරාගන්නා ලදී , 2013, 2014, 2015 හි "Eastern Eye magazine" එකේ "Male Artist of the Year" එකටද නිර්දේශ විය .

දැනට ලොව ජනප්‍රියම ගායකයෝ වන Chris Brown, Tyga, Professor Green, Conor Maynard වැනි ය සමගද ඉන්දියාවේ ජනප්‍රිය Arijit Singh, Rahat Fateh Ali Khan, Kanika Kapoor, Anirudh Ravichander, Yuvan Shankar Raja වැනි ය සමග එකම වේදිකාවේ ගීත ගායනා කරන අර්ජුන් අන්තර්ජාතික රූපවාහිනී නාලිකාවන CNN, Times of India ,BBC Radio 1,The Independent (UK ) වැනි  නාලිකාවල තමන්ගේ හැකියාව පෙන්වා ඇත.  ඔහුගේ ගීත Kiss TV, MTV, B4U, Sony TV, Star TV, Zee Music and Brit Asia TV වැනි ලොවපුරා රුපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වල ප්‍රචාරය වේ.

අර්ජුන් සමග අප පැවැත්වූ සාකච්චාවකින් කොටසක්

Q: අර්ජුන් අපි ඔයාගේ ගීත අහල තියෙනව ,ඔයාගේ නම දන්නවා  ,අපි දැනගන්න කැමති අර්ජුන් කියන්නේ කවුද කියල.

A: මම ගීත ගායකයෙක් ,ගීත රචකයෙක් ,ගීත නිෂ්පාදකයෙක් , ඉපදුනේ ලංකාවේ කොළඹ ,දැනට ජීවත් වෙන්නේ ලන්ඩනයේ , මන් ගොඩක් වෙලාවට හදන්නේ "FUSION" ගීත ඒවගේම පොප් ගීත, ඒ ගීත වල ඉංග්‍රීසි මිශ්‍රවෙලා තියෙනව හින්දී, දෙමල  හා පන්ජාබි භාෂා සමගින් .

Q. අර්ජුන්ට  දැනට මිලියන 200 ක් YouTube views තියෙනවා

, ඒවගේම ඔයාට Facebook රසිකයොත් ඉන්නවා මිලියන 1.5 ක්  වගේ ගානක්.  ඔයාතමයි දැනට එංගලන්තේ සිටින අසියාතිකයන්ගෙන් වැඩිම YouTube views ප්‍රමාණයක හිමිකාරයා. අතර 70000 twitter පිරිවරක් /Followers , හා Instagram තුල 220,000 ක පමණ රසිකයින් සිටීඒ වගේම ලංකාවේ සමාජ ජාල දත්ත වලට අනුව  මුල්ම කිහිපදෙනා අතර ඉන්නවා ඔයාගේ fan-base එක. ඒ වගේම ලෝකේ හැම මහද්වීපයකම වගේ ඔයා ප්‍රසංග පවත්වල තියෙනව  ඔයාගේ මේ සාර්තකතත්වයට හේතු මොනවද

A. මගේ මුල්ම fans ල නම්   YouTube එකේ මගේ සින්දු බලපු අය, එයාල තමයි  මගේ මේ ගමනේ අත්තිවාරම උනේ.  ඇත්තටම මන් ස්තූති කරනවා එයාලට, එයාල නිසා තම මන් අද මෙතන ඉන්නේ

Q. ඔයා වුර්තීය ගායකයෙක්, ඒගැන කියන්න බලන්න ..

A. මන් දැනට ඉන්දියාවේ T-Series ආයතනය සමග ගිවිසුමක ඉන්නවා, එයාල තමයි මගේ ගීත නිකුත් කරන්නේ ,ප්‍රචාරය කරන්නේ, පසුගිය අවුරුදු කිහිපය තුල.
ගිය සුමානේ මන් ලොව ප්‍රධානතම රෙකොර්ඩ් ලේබල් එකක් වෙන යුනිවර්සල් මියුසික් ආයතනය සමග එකගතාවයකට පැමිණියා , ඒක තම මගේ මුල්ම ප්‍රධාන පෙලේ ගිවිසුම , මන් බලාපොරොත්තුවෙනවා මගේ මුල්ම ඉංග්‍රීසි ගීත ඇල්බමය යුනිවර්සල් ආයතනය සමග නිකුත් කරන්න .

Q.ලොව ප්‍රධාන පෙලේ සංගීත ලේබලයක් සමග ගිවිසුමක් අත්සන්කලා නේ ඔබ . ඒ කියන්නේ අපිට අපේ ලංකාවේ උපන් ගායකයෙක් ලොව ජනප්‍රිය ගායක ගායිකාවන් සමග ගීත කියනවා අහන්න ලැබෙයිද අද හෙට ?

A.ගිය සුමානෙ තමයි යුනිවර්සල් එක්ක ගිවිසුමකට ආවේ,කොහොමත් ප්‍රධාන පෙලේ අන්තර්ජාතික ගීත ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. තවම ඉතින් මේ එන්න තියෙන ඇල්බම් එකේ ගීත ටිකනම් plan  කරලා නෑ , හැබැයි පසුගිය කාලේ ගොඩාක් ගීතවල වැඩ කරල තියෙනවා.  ඉතින්  සමහර සින්දු ලෑස්ති, ඊට අමතරව අලුත් සින්දුත් ලියන්න ඕනේ.  දැන් තමයි වැඩ පටන්ගන්නේ..

Q. සිංහල ගීතයක් ,අපේ ලංකාවේ යාළුවන්ට දෙන්න බලාපොරොත්තුවක් නැද්ද ?
A. කරනවා, මගේ අලුත්ම ගීතය  "සනම් හෝ ජා", දැනට ඉන්දියාවට හා අන්තර්ජාතික වශයෙන් නිකුත් කරල තියෙන්නේ , එකේ සිංහල අනුවාදය ලගදීම නිකුත් කරන්න ඉන්නේ ,අපේ ලංකාවේ ගයකෙයෙක් එක්ක . පස්සේ වෙනම ගීතයක් ලංකාවට නිකුත් කරන්න බලාපොරොත්තුවෙනවා .

Q. ඔයා දැන් අපේරටේ ලොකු charity (සමාජ සේවය) වැඩකට උදව් කරනවා මේ ටිකේ,ඒ ගැන විස්තර කියන්න .

A. මම ට්‍රේල් පාගමනේ එකේ සන්නාම තානාපති කෙනෙක්.ට්‍රේල් 2016 කියන්නේ පේදුරුතුදුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා යන පා ගමනක් . පිළිකා පිළිබඳ ගවේශණය කිරීමටත්, ප්‍රතිකාර කිරීමටත් වෙනම අංශයක් කරාපිටිය රෝහලේ පිහිටුවීමට තමයි මේ  මුදල් එකතු කරන්නේ.ලංකාවේ පිළිකාව නිසා ගොඩක් මිනිස්සු දුක්විදිනව, ලංකාවේ පිළිකාවට ප්‍රතිකාර, බෙහෙත් වර්ග නැතිවීමෙන් ගොඩක් අය මියයනව, මන් අහලා තියනවා දැන් ලංකාවේ පිළිකා රෝගීන් වැඩි කියලත් ඉස්සරට වඩා. මේ ගමනේදී මාත් එක්ක ඉන්නවා තව තානාපතිවරු කුමාර සංගක්කාර,  මුත්තයියා මුරලිදරන්, ජකලින් ෆර්නිනන්ඩස්,හා තවත් බොහෝ ය එනව මේ ගමනට. අපි මේ වගේම ගමනක් ගිහින් පසුගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2.5 එකතුකළා, මේ අවුරුද්දේ ඩොලර් මිලියන 5 ක් එකතුකරන්න බලාපොරොත්තුවෙනවා, ඉතින්  බලාපොරොත්තුව හැකිපමණ මුදල් එකතුකර මේ පිළිකා අරමුදලට එක්කරන්න.

දැනට ලොව ප්‍රසිද්ද බොන් ජොවි ,එල්ටන් ජෝන් ,ජෙසී ජේ , නික් ජෝනාස් ,ෂෝන් පොල් , අරියනා ග්‍රන්දේ ,ජෝන් නෙව්මන් , ෂෝන් මෙන්ඩිස් යුනිවර්සල් studios /island records (හෝ ඊට අනුබද්ද ආයතනයක් )සමග ගීත නිකුත්කරන ගායකයින් බව  ඒවගේම ලොව ජනප්‍රිය රොබී විලියම්ස් ,බොබ් මාලි ,ජස්ටින් බීබර් ,මරියා කැරේ මෙම ආයතන සමග වැඩකරපු ගායක ගායිකාවන් වේ .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.