Oct 06

ටීනා සිල් බිඳ ගන්නේ ලොකු ලොකු ගණන් වලට කියන්නේ ඇත්තද? - ඡායාරූප බලන්න

නව පරපුරේ මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ප්‍රනාන්දු විශේෂ තැනක් හිමිවේ. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක,

ගීත රූප රචනා සඳහා පෙනී සිටින්නීයකද වන ඇය මෑතකදී බොහෝ දෙනා අතර, කතාබහට ලක්ව ඇත්තේ සිනමා නිළියක් ලෙසයි. ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහායි.

මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි කියන්නේ ඇත්තද ටීනා?

ඔව්, පසුගිය කාලයේ නවත්තලා තිබුණ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ රූපගත කිරීම් නැවතත් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව නිරූපණ වැඩ කටයුතුයි අනෙකුත් කලා නිර්මාණත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නවා.

පැරිස් නගරයට යන්න ඔබේ සූදානමක් තියෙනවා කියලත් ආරංචියි?

ඔව්, නිරූපණ ප්‍රසංගයකට හා චිත්‍රපටයක රූපගත කිරීම් සඳහා තමයි පැරිස් නගරයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔක්තෝබර් 06 වැනිදා තමයි දින තියෙන්නේ නමුත්, වීසා ගැටලු‍වක් නිසා තවමත් මේ ගමන ගැන ස්ථිර වෙලා නැහැ.

ඔබව චිත්‍රපටවලින් විතරද අපි දකින්නේ?

ඔව්. බොහෝ විට මාව චිත්‍රපටවලින් පමණක් දකියි. මොකද, මම කැමති නැහැ ටෙලි නාට්‍යය පැත්තට යොමු වෙන්න. ආරාධනා නම් ගොඩක් ලැබෙනවා නමුත්, මගේ අදහසක් නැහැ ඒ පැත්තට යොමු වෙන්න.

‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයෙන් පස්සේ?

ගොඩක් චිත්‍රපටවලට ආරාධනා නම් ලැබුණා. නමුත්, මම ලැබෙන හැම වැඩක්ම තෝරාගැනීමක් කරනවා. ඉතින්ිදේදුනු ආකාසේ’ චිත්‍රපටයේ චරිතය මගේ සිත්ගත්තා. ඒ නිසා තමයි මම ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. පැරිසියේ රූපගත කරන චිත්‍රපටයක් සඳහා මම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ආරාධනා නම් ගොඩක් ලැබෙනවා නමුත්, මගේ තෝරා බේරාගැනීම නිසා චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වීම මම ප්‍රතික්ෂේප කළා.

ටීනා නිර්මාණවලට අඩු දායකත්වයක් සැපයුවාත් ඔබගේ අය කිරීම් ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ?

ඔව්, නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණ මුල් කාලයේ ඉඳලා මගේ අය කිරීම් ඉහළයි. මම හිතනවා මගේ වටිනාකමට මගේ දක්ෂතාවට සරිලන මුදලක් තමයි මම අය කරන්නේ කියලා. චිත්‍රපටයක වුණත්, මියුසික් වීඩියෝවක වුණත් මේ හැම දේකටම මම අය කරන්නේ ඉහළ මිලක්.

නිරූපණ ක්ෂේත්‍රය තුළ ටීනාට තියෙන්නේ ලොකු තැනක් කිව්වොත් හරි නේද?

පොඩි කාලේ ඉඳලා මගේ ආසාව වුණේ නිරූපිකාවක් වෙන්න. ඒකට හේතුව තමයි මගේ අක්කලා දෙන්නා මෝස්තර නිරූපණයට යොමු වෙලා හිටිය නිසා. ඒ දෙන්නාගේ අතදීම මත තමයි ක්ෂේත්‍රයට එකතු වුණේ. මම නිරූපණය පිළිබඳව ලොකු හැදෑරීම් කළ කෙනෙක් නෙවෙයි. මගේ ස්වඋත්සාහයෙන් තමයි අද මේ ඉන්න තැන ගොඩ නගාගත්තේ. ඉදිරියටත් මේ ක්ෂේත්‍රය තුළ රැඳි සිටිමින් දිගු ගමනක් යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අද ඉන්න තැන ගැන ගොඩක් මම සතුටු වෙනවා.

ඉදිරියේදී ටීනාව අපිට දකින්න ලැබෙන්නේ?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළිදේදුනු ආකාසේ’ චිත්‍රපටයේ. බොහෝ දුරට එය ලබන වසරේ ජනවාරියේදී තිරගත වේවි කියලා හිතනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් එන්න තියෙනවා. ඒ හරහා මගේ ආදරණීය රසික, රසිකාවියන්ට මාව දැකගන්න පුළුවන් වේවි කියලා හිතනවා.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.