Oct 21

මේ රැකියාව ස්ථිර එකක් නෙමෙයි - ෂෙහානි

"සිරස" රූපවාහිනි නාළිකාව තුළ කලකට පෙර විකාශය වූ "සුජාතා" ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවූ ෂෙහානි කහඳවල සමගින් මෙවර තරු කතාබහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මේ දිනවල අතිශය ජනප්‍රිය ගීත රූප රචනා කිහිපයකම දකින්නට ලැබෙන ෂෙහානි ඉදිරියේදී රූපවාහිනි රියලිටි තරගාවලියකටද එක්වීමට සූදානමින් සිටියි.

 මේ දිනවල ඔබ රියලිටි තරගයකට සූදානම් වෙනවා කියලා ආරංචියි?

ඔව්, දෙරණ රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන %ස්ටාර් සිටි^ දෙවැනි අදියරය සඳහා මම සූදානම් වෙනවා. මම තරග කරන්නේ ළහිරු පෙරේරාගේ නායකත්වයෙන් යුත් "ORIGINALS" කණ්ඩායමට. මාත් එක්ක ළහිරු අයියා, සනෝජා බිබිලේ අක්කා, කාවින්ද්‍යා අධිකාරි හා දසුන් නිශාන් කියන අය සහභාගි වෙනවා.

 තරගාවලියේ ආරම්භය සිද්ධ වෙන්නේ?

ඔක්තෝබර් 29 වැනිදා. ඉතින් ඒ තරගාවලිය ඉලක්ක කරගෙන මේ දිනවල අපි පුහුණුවීම් කටයුතු කරනවා. මම සහභාගි වෙන පළමු රියලිටි තරගාවලිය නිසා මේක මට අලුත්ම අත්දැකීමක් වේවි කියලා මම හිතනවා. ඒ වගේම අපි සමග තරග කරන අනෙකුත් කණ්ඩායම්වලට හොඳ තරගයක් දෙන්නත් "ORIGINALS" කණ්ඩායමේ අපි බලාපොරොත්තු වෙනවා.

 "සුජාතා" හා "ඇසිඩ්" ටෙලි නාට්‍යයවලින් පස්සේ අපි ෂෙහානිව දැක්කේ නැහැ?

මම කැමැතියි හොඳ නිර්මාණයක් හරහා මිනිස්සු අතරට යන්න. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. "සුජාතා" හා "ඇසිඩ්" ටෙලි නාට්‍යයවල මා රඟපෑ චරිත ගැන අදටත් මිනිස්සු කතා කරනවා. මට අවශ්‍යය අන්න ඒ විදිහට මිනිස්සු මා ගැන කතා කරන චරිතයක රඟපාන්න. ඉතින් හොඳ නිර්මාණයක් හරහා ඉතා ඉක්මනින් මගේ රසික, රසිකාවියන් හමුවෙන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා.


ෂෙහානි ටෙලි නිර්මාණවලින් දැක්කේ නැතිවුණත්, ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් හරහා අපි නිතර දකිනවා?

ඔව්, හැබැයි ලොකුවටම ඒ පැත්තට මම දායකත්වය දෙන්නෙත් නැහැ. පසුගිය කාලේ පුංචි විවේකයක් ලැබුණා. ඒ හින්දා ඒ නිර්මාණවලට දායක වුණා. ඒවා තමයි මේ දිනවල විකාශය වෙන්නේ.

රංගනය කියන්නේ දැන් ඔබේ වෘත්තියද?

නැහැ. මේ රැකියාව ස්ථිර නැහැ කියලයි මට හිතෙන්නේ. අද මම මෙතැන ඉන්නවා. හෙට තව කෙනෙක් මගේ තැන ගනිවි. ඒ නිසා මේ රැකියාව ස්ථිර නැහැ.

 ෂෙහානි ජනප්‍රියද?

මම ඒ ගැන නම් දන්නෙ නැහැ. මොකද, මම ජනප්‍රිය කියලා මට කියන්න බැහැනේ. ඒක තීරණය කරන්නේ මගේ රසික, රසිකාවියන්. බොහෝ දෙනෙක් මාව දැක්කොත් කතාබහ කරනවා. නමුත්, සමහර අවස්ථාවලදි මාව අඳුනගන්න අපහසු අයත් ඉන්නවා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාර අනුව තමයි මම ජනප්‍රියද නැද්ද කියලා තීරණය වෙන්නේ.

කුඩා කාලෙ නම් ෂෙහානිගේ කැමැත්ත තිබුණේ වෙන දේකට?

ඔව්, මම කුඩා කාලේ ඉඳලා හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත්, ඒ හීනේ මට හැබෑකරගන්න බැරි වුණා. නමුත්, මම නිළියක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා වැඩ කරනවා. ඒ ගැන මම ගොඩක් තෘප්තිමත්. සමහර අවස්ථාවලදී මට හිතෙනවා ගුවන් සේවිකාවක් නොවී මේ වෘත්තියට යොමුවෙන්න ලැබීම වාසනාවක් කියලා.

 ඔබ වගේම නවකයන් දිනෙන් දින මේ ක්ෂේත්‍රයට යොමුවෙනවා. එය ඔබට අභියෝගයක්ද?

ඔව්. මම කැමතියි අභියෝගවලට. ඒ නිසා අලුත් අයත් එක්ක මේ ක්ෂේත්‍රය තුළ තරගකරන්න මම කැමතියි. මම මුලින් සඳහන් කළා වගේ මේ රැකියාව ස්ථිර එකක් නෙවෙයි. හැමදාම අපිට රඟපාන්න බැහැ. කාලයක් තියෙනවා අපිට මේ ක්ෂේත්‍ර රැඳිලා ඉන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.