Sep 22

“දෙමළ ජනතාවනි නැගිටිව්” – විග්නේෂ්වරන් ලිපි යවයි

එළුග තමිල් නොහොත් දෙමළ ජනතාවගේ නැගිටීම වෙනුවෙන් පවත්වන මහා විරෝධතා වැඩසටහනට සහභාගි වන ලෙසට ඉල්ලා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් සිය ලිපි ශිර්ෂය යටතේ ඊයේ (21) ලිපියක් නිකුත් කර තිබෙනවා.

දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර සහෝදරියනි යනුවෙන් ආමන්ත‍්‍රණය කරමින් එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට හෙතෙම අදාළ ලිපියෙන් ඉල්ලීම් කර ඇති බවයි සඳහන් වන්නේ.

උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වන ලෙසට විග්නේශ්වරන්  දෙමළ ජනතාවගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.

1958, 1961, 1974, 1977, 1983 වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත්, වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවද හෙතෙම සිය ලිපියෙන් දන්වා සිටිනවා.

විග්නේශ්වරන් ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූවද, අදාළ පොරොන්දුවද කිසිඳු රජයක් ඉටුකොට නොමැති බවයි.

උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට විරෝධතා වැඩසටහන පැවැත්වීම සිදු කරන බවද  ලිපියේ සඳහන්.

වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුලු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

දෙමළ නැගිටීම නොහොත් එළුග තමිල් නමැති වැඩසටහන හරහා දෙමළ ජනතාව නැවත එක් මතයකට ගෙන ඒමට දෙමළ දේශපාලන නියෝජිතයින් උත්සහ කරන බවයි සඳහන් වන්නේ.

(එම දෙමළ බසින් ලියන ලද ලිපිය පහතින් දැක්වෙයි)


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.