Sep
18
පිපිරීමක් අද (18) සිදුව තිබේ. පිපිරීමේන පසු එම ප්‍රදේශයේ හා අවට ප්‍රදේශ වල ආරක්ශාව තර කර ඇති අතර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
නිව්යෝර්ක් නගරාධිපති බිල් ඩී බිලාසියෝ පවසන්නේ පිපිරැම පිළිබද මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න පිළිබද තවමත් පරීක්ෂණ කරන බවයි. ඇතැම් විදෙස් මාධ්‍යය පවසන්නේ මෙය බොහෝවිට ඇමරිකානු ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන කඩාකප්පල්කාරී කණ්ඩායමක හෝ පුද්ගලයෙකුගේ ක්‍රියාවක් වන්නට ඇති බවයි.
පිපිරීමෙන් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙතෙක් මරණ පිළිබද සදහන්ව නොමැත. මෙම පිපිරීම සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයේ විශාල පිරිසක් සිට තිබේ. බෝම්බය අටවා තිබීඇත්තේ ප්‍රධාන මාර්ගයේ කසල බදුනක් තුලයි.
පිපිරීම සිදුවීමෙන් අනතුරැව කල සෝදිසි මෙහෙයුම් වලදී අසල තවත් කසල බදුනක තිබී තවත් පුපුරන දුව්‍යය තොගයක් සොයාගෙන ඇත.සිද්ධිය CCTV කැමරා වලද පටිගතව තිබේ.