Sep 19

මම මධුරිගේ හිනාවට වශී වුණු කෙනෙක්

එකම සම්මාන උළෙලකදී සම්මාන දෙකකට හිමිකම් කියන්න ලැබෙනවා කියන්නේ කොයි තරම් වාසනාවක්ද? ඒ වාසනාවට හිම්කම් කියන්නට හේමාල් රණසිංහට දෙවැනි වතාවටත් අවස්ථාව ලැබුණා. ඒ හිරැ සම්මාන උළෙලට එක් වූ අලුත්ම සම්මානයක් වන අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළුවාට හිමි සම්මානය සහ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලබාගනිමින්.

මුලින්ම හදසරින් ඔබට සුබ පතනවා. ඒ වගේම මොකද හිතුණේ මේ සම්මාන ගැන?

ස්තූතියි හදසරට. ඇත්තටම මම ගොඩක් සතුටු වුණු දවසක්. මට මීට පෙරත් දෙරණ සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය සහ ජූරියේ විශේෂ සම්මානය ලැබුණා. මෙවරත් අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළුවාට හිමි සම්මානය සහ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබුණා. ඉතින් සතුටුයි ඒ වගේම ලොකු වගකීමක් මගේ කරට ආවා කියන හැඟීම මට දැනුණා. මම කවදත් හොඳ නිර්මාණවලට දායක වුණේ. ඉදිරියත් ඒ ආකාරයෙන්ම හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වෙන්න බලාපොරොත්තු වෙනවා.

 ඔබ සිනමා උළෙල පැවැත්වෙන පරිශ්‍රයට එද්දීම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා ?

ඔව්, ඇත්තටම ඒ තමා මම ලබපු හොඳම සම්මානය. ඔවුන්ගේ ආදරය සජීවීව ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ වගේම මමත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට ගොඩක් ආදරෙයි. ඒ අය සතුටු කරන්න පුළුවන් හොඳ නිර්මාණ තමා මම ඉදිරියටත් කරන්නේ. ඒ ප්‍රේක්ෂක ආදරයට මට දෙන්න පුළුවන් දේ තමයි ඒ අය තෘප්තිමත් වන නිර්මාණ කිරීම.

 ඔබ බලාපොරොත්තු වුණාද ඒ තරම් ප්‍රතිචාර?

නැහැ, මම ඒ තරම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. හැබැයි ඒ ප්‍රතිචාර මට ඉදිරියට යන්න ලොකු උත්තේජනයක් වුණා. මම සතුටු වුණා ඒ තරම් ප්‍රේක්ෂක ආදරය මට ලැබීම ගැන. මට කියන්න තියෙන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට හැමදාම මමත් ආදරෙයි.

 ඔබ මුල්ම සම්මානය ගන්න ආවේ වේදිකාව පිටුපස ඉඳන් ඒ ආවෙත් ප්‍රමාද වෙලා.

ඔව්, මම මගේ නර්තන අංගයට සුදානමින් ඉන්න වෙලාවේ තමා මේ සම්මානය ලැබුණේ. එතන හිටපු අය මට කිව්වා අන්න සම්මානය ගන්න කතා කරනවා කියලා. හැබැයි ඒත් මම දන්නේ නැහැ මට ලැබෙන සම්මානය ගැන. මම මඟ එද්දිත් ඇහුවා. ඒත් කාටවත් ඒ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ වගේම මම හරියට ඇඳුමක්වත් ඇඳගෙන නෙවෙයි හිටියේ. එතන හිටපු කෙනෙක් තමා මට මගේ මිතුරා වන උද්දික ප්‍රේමරත්නගේ කෝට් එක දුන්නේ.

ඔබේ කොට් එක නොවන නිසාද බොත්තම හරියට දාගන්න බැරි වුණේ?

ඔව් ඔව්. ඇත්තම කියනවා නම් මට ඒ කෝට් එක මදි. ඒ නිසා තමා බොත්තම හරියට දාගන්න බැරි වුණේ.

දැනගෙන හිටියද සම්මානය ලැබෙන්නේ මධුරි ඩික්සිත් අතින් කියලා ?

නැහැ. මම වේදිකාවට එද්දී තමා මධුරි වේදිකාවේ ඉන්නවා දැක්කේ. ලංකාවේ හැමෝම ආදරය කරන කෙනෙක් මධුරි කියන්නේ. විශේෂයෙන් මම පෞද්ගලිකව ඇයගේ සිනහවට වශී වුණු කෙනෙක්. ඉතින් මට සතුටුයි ඇය අතින් සම්මානයක් ලැබීම ගැන. හැබයි ඉතින් සම්මානය අතට ගන්නකම් මම දන්නේ නැහැ මට ලැබුණු සම්මානය මොකක් ද කියලා.

 තව තත්පර කිහිපයක් ප්‍රමාද වුණා නම්, ඔබට ඒ අවස්ථාව අහිමි වෙනවා එහෙම වුණානම්.?

එහෙම වුණානම් ඉතින් මම ගොඩක් දුක් වේවී, පසුතැවේවී. නමුත් ඉතින් එහෙම වුණේ නැහැ. මට වාසනාව තිබ්බා ඇය අතින් සම්මානය ගන්න.

 ඔබ සුදානමින් හිටි නර්තන අංගය ඊට පස්සේ වේදිකාව වර්ණවත් කළා. ඒ නර්තන අංගය ගැනත් කතා කරමු?

ඔව්, මට මෙහෙම නර්තන අංගයක් කරමු කිව්වේ හිරැ රෑපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත සහ මගේ මිතුරා දමිත්. නමුත් මම කිව්වා මේක ලෙහෙසි දෙයක් නම් නෙවෙයි මොකද අපි තෝරාගත්තේ අපේ රටේ ඉන්න සහ හිටපු දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් හය දෙනෙක් ඉදිරිපත් කරපු සිනමා ගීත 6ක්. ඉතින් ඒ අයට හානියක් නොවන විදියට තමා මට මේ දේ කරන්න ඕනේ වුණේ. ඉතින් හිතේ ලොකු තිගැස්මක් තිබ්බා. ඒ තිගැස්ම එදා වේදිකාවේ නර්තන අංගය ඉදිරිපත් කරලා අවසන් වෙනකම්ම මගේ හිතේ තිබ්බා.

 ලැබුණු උණුසුම්ම ප්‍රතිචාරය?

මට සම්මාන උළෙලට එද්දිම ලැබුණේ උණුසුම් ප්‍රතිචාර. ඉතින් උණුසුම මට මුළු සම්මාන උළෙල පුරාම තිබ්බා.

 ඔබ කීවා ඔබ සම්මානයක් ලබා ගන්නවා අම්මා දකින සජීවී අවස්ථාව කියලා ?

ඔව්, මගේ හීන විශ්වාස කළ එකම ගැහැනිය ඇය. ඉතින් වේදිකාවේ උඩ ඉන්න මට දැනුණා මගේ අම්මා කොයි තරම් සතුටු වෙනවද කියලා. මවගේ සහ පුතුගේ අතර තියෙන බැඳීමත් එක්කම මට ඒ වෙලාවේ දැනුණ දේ කියන්න වචන නැහැ. ඒ තරමටම මම සතුටු වුණා වගේම මට දැනුණා ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා මගේ අම්මා මගේ දිහා බලාගෙන ලබන සතුට.

ඔබේ අනාගත බලාපොරොත්තු?

හැමදාම වගේ හොඳ නිර්මාණවලට ඉදිරියටත් දායක වෙන්න වගේම මම කෙරෙහි තබලා මට මේ ලබාදුන්න සම්මානයට මට ලබාදෙන්න පුළුවන් දේ මම උපරිමයෙන් ලබාදීම තමා මගේ එකම අරමුණ සහ එකම බලාපොරොත්තුව.

අවසාන වශයෙන් ඔබට යමක් කියන්න ඇති?

ඔව්. විශේෂයෙන්ම මාව මේ සම්මානවලට පාත්‍ර කළ ජූරි සභාවට සහ ආදරණීය ප්‍රේක්ෂක්යින්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයට මෙවැනි සම්මාන උළෙලක් කළ හිරැ ආයතනයටත්, මාව නිර්මාණ සඳහා යොදා ගත්ත සියලුම අධ්‍යක්ෂවරැන්ට සහ නිෂ්පාදකවරැන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මා එක්ක රඟපෑ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ කිසිවක් මම තනිව කරපු දේවල් නිසා ලැබුණු සම්මාන නෙවෙයි. සාමූහිකව අපි කණ්ඩායම් විදියට වැඩ කිරීම් තුළ ලැබුණු දේවල්. ඉතින් අවසානයේදීත් මම නැවතත් කියන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මම ආදරෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.