Aug 15

'ශිවන්‍යා'ගේ හඬට පණ පොවන පූර්ණිමා

මේ දිනවල රූපවාහිනියට අමතර ෆේස්බුක් ජාලය තුළ ජනප්‍රියත්වට පත් ඉන්දියානු කතාවක් ලෙස "ප්‍රේම දඩයම" හැඳින්විය හැක. එහි එන ප්‍රධාන චරිතයක් වන "ශිවන්‍යා" ගේ චරිතයට හැඬ කැවීමෙන් දායක වන්නේ පූර්ණිමා විදේශිකාය.

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම පූර්ණිමා විදේශිකා. වයස අවුරුදු 20යි. උසස් පෙළ කරලා ඉවර වෙලා කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හඬ කැවීමේ ශිල්පිනියක් වෙන්නේ කොහොමද?

හඬ කැවීමේ ශිල්පිනියක් වෙන්නේ අහම්බෙන් තමයි. කටහඬ පරීක්ෂණයකින් තමයි මම මේ චරිතයට තේරුණේ.

අවස්ථාව ලැබුණේ කොහොමද?
අලුත් කටහඬකට අවස්ථාවක් තිබුණා. නමුත් ප්‍රවීණ අය ගොඩක් ඉන්නවා. මේ චරිතයට ඒ අය හොය හොය හිටියේ අලුත් කටහඬක්. ඒ නිසා තමයි මට මේ සඳහා අවස්ථාව ලැබුණෙ.

ඔබ හඬ කවන චරිතය පිළිබඳව කතා කළොත්?

මේ දිනවල සිරස රූපවාහිනය ඔස්සේ ප්‍රචාරය වන "ප්‍රේම දඩයම" කියන ඉන්දියානු නාට්‍යයේ  'ශිවන්‍යා' කියන ප්‍රධාන චරිතයට තමයි මම හඬ දායකත්වය ලබාදෙන්නෙ.

කොහොමද ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර?

මම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒ නිසා මගේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න ගෙන මම මේ ගමන යනවා. මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කටහඬට කැමති අයත් ඉන්නවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි දීපාල් අයියව. එයා තමයි හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු තමයි මට උදව් කරන්නෙ.

ඔබ වෘතිය විදියට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මම අධ්‍යාපනය පැත්තෙන් තමයි ඉස්සරහට යන්න ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ. ඊට අමතරව බාහිරව ගායනය, හඬකැවීම් සහ නිවේදනය කියන දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපනය පැත්තෙන් කිව්වේ?

විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිධාරිනියක් වෙලා ඒ හරහා යම් ක්ෂේත්‍රයකට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා.

බාහිර දේවල් හදාරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද?
"මුතුහර" රියලිටි තරගාවලියෙන් ගායන අංශයෙන් අවසාන හතර දෙනාට මම තේරී පත්වුණා. ඒ හරහා නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඉදිරියෙදි මුතුහර රියලිටි තරගයේ දෙවැනි අදියරේ නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහෙම කරන ගමන් ඒ දේවල් වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

"ශිවන්‍යා" කියන්නේ ඔබේ පළමුවැනි හඬකැවීමද?

ඔව්, විශේෂයෙන් කියන්න ඕනේ මේක තමයි මගේ පළමුවැනි හැඬකැවීම් චරිතය.

බාහිර කටයුතු සමග අධ්‍යාපන කටයුතු කොහොමද කරගෙන යන්නේ?

මම කරදරයක් විදිහට කිසිම දෙයක් හිතන්නේ නැහැ. මම වැඩකරන්න ආසයි. විශේෂයෙන් කලාව පැත්තට කැමති. ඒ වගේම ඉගෙන ගන්නත් ගොඩක් ආසයි. ඊට අමතරව Shadow Drama, Aerobics කරනවා. සමබරව මේ සියලු කටයුතු කරගෙන යනවා.

කලාව තුළින් ඉදිරි බලාපොරොත්තුව?
ලංකාවෙ කලාවට, කලාව තුළින් දැනෙන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. නොමැකෙන චරිතයක් බවට පත්වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. දැන්ටත් යම් පිරිසක් 'ශිවන්‍යා' නිසා මාව දන්නවා.

ශිවන්‍යා වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නේ ෆේස්බුක්වල නේද?
ඇත්තටම ඔව්, ඒ සඳහා විවිධ පෝස්ට් හදලා තියෙනවා. සමරහ පෝස්ට් දැක්කාම හිනත් යනවා. සතුටු හිතනවා. කට්ටිය අතර කතාබහ කරන චරිතයකට හඬ කවන්න ලැබීම පිළිබඳව.

ඉන්දියානු නාට්‍යයක චරිතයක් තරුණයන් අතරේ ජනප්‍රියත්වට පත්වුණ එක් ගැන මොකද හිතෙන්නේ?

සාමන්‍යයෙන් තරුණියන් තමයි ඉන්දියානු නාට්‍ය සඳහා කැමැත්තක් දක්වන්නෙ. මේ චරිතය නිසා තරුණයන් පවා මේ නාට්‍ය බලනවා. ඒ අයටත් මෙය වශී වෙලා ඉන්නවා. ශිවන්‍යාගේ මුහුණත් ලස්සනයි, කටහඬත් හොඳ ඇති කියලා හිතනවා.

මතක් කළ යුතු පිරිසක්? අනිවාර්යෙන්ම, අම්මා තාත්තා ඇතුළු පවුලේ කට්ටිය. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දීපාල් සාමක අයියා. මේකේ හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු ලොකු සහයෝගයක් ලබාදෙනවා චරිතය සඳහා හඬ සංවර්ධනය කර ගන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.