Aug 07

අද ඔලිම්පික් තරග බිමට පිවිසෙන අපේ කිඳුරිය

පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ කපා පරිත්‍යාග කරමින් නව වැඩපිළිවෙලකට අත්පොත් තැබූ මචිකෝගේ සොයුරිය අද ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.

මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටයි ඇය මෙලෙස අද එක්වන්නේ.

සිය සහෝදරියන් වන මයුමි රහීම් සහ මචිකෝ රහීම් අනුගමනය කරමින් කිම්කො රහීම් පිහිනුම් ක්‍රීඩාවට යොමු වූයේ කුඩා කළ සිටයි.

ඇගේ සොයුරියක වන මචිකෝ රහීම් මෙරට සමාජ සත්කාර තුළ නොමැකෙන සටහනක් තැබූ චරිතයක්.

හිසේ කොණ්ඩය යෑම පිළිකා රෝගීන්ට බොහෝ විට ඇතිවන තත්ත්වයක් නිසා මහරගම පිළිකා රෝගීන්ට බොරු කොණ්ඩා (Wig) නිර්මාණය කිරීම සඳහා මචිකෝ තමාගේ ලස්සන කොණ්ඩය පරිත්‍යාගය කළා.

“මගේ විදුහල්පති හා ගුරුවරු පාසලට හිස බූ ගාගෙන ඒම සඳහා අවසර දුන්නා. මට අවශ්‍ය නැහැ හිස තොප්පියකින් වසාගෙන යන්න. මට ඕන සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න. අපි මනුෂයෝ ලෙසට උදව් කිරීම මනුෂ්‍යත්වයට කරන ගෞරවයක්” බවයි එකල මචිකෝ පැවසුවේ.

අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදලක් ද ආරම්භ කරනු ලැබූ මචිකෝගේ සොයුරිය කිමිකෝ රහීම් අද(7)තම මවුබිම වෙනුවෙන් රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.

මේ වන විට දාහත් හැවිරිදි වියේ පසුවන කිමිකෝ රහීම් මේ වන විට ශ්‍රී ලංකා පිහිනුම් වාර්තා 6කට හිමිකම් කියනවා.

නිමාවූ 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී කිමිකෝ රහීම් රන් පදක්කම් 5ක් දිනා ගත්තේ ද නව දකුණු ආසියානු වාර්තා දෙකක්ද සමගින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.