Aug 05

භාතිය සන්තුෂ්ගේ ප්‍රසාංගික වේදිකාවේ අලුත්ම පෙරළිය

සංගීත ලෝකයේ පෙරළි සිදුකළ භාතිය සන්තුෂ් සුසංයෝගය, ප්‍රසාංගික වේදිකාවේ සිදුකරන නවතම පෙරළිය Studio Live ප්‍රසංගය දෙවන වරටත්, නෙලුම් පොකුණ එළිමහන් රංග පිථයේදී මේ මස 12වන සිකුරාදා රාත්‍රියේදී පැවැත්වේ.

පසුගිය වසරේ පැවති ප්‍රසංගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණු බැවින් සම්පුර්ණ ප්‍රසංගයක් රසවිදීමට තිබූ අවස්ථාව BnS රසිකයන්ට මගහැරී ගියා. නමුත් ඒ නිසාවෙන්ම මෙවර වඩාත් උත්කර්ෂවත් ලෙස Studio Live ප්‍රසංගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කරන බවත් අපිට මේ ගැන හොයාබැලිමේදී වාර්තා වුණා.

එමෙන්ම මෙවර ප්‍රසංගය වෙන කරදාටත් වඩා රසික රසිකාවියන්ට සමීපව ඔවුන්ගේ දායකත්වයද ප්‍රසංගය සඳහා ලබාගනිමින් නවතම ආරයකට පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් අප සදහන් කළ යුතු කාරණයක්.

ඒ නිසාවෙන්ම ප්‍රසංගය අතරතුරේදී තෝරාගත් රසික රසිකාවියන් කිහිපදෙනෙකුට සජීවීව ගීත ගායනා කිරීමට අවස්ථාව හිමිවීමත්, තෑගි බෝග දිනාගතහැකි විනෝදකාමී තරඟයක් ප්‍රසංගය අතරතුරේදී ක්‍රියාත්මකවීමෙන් උද්යෝගයෙන් යුතුව ප්‍රසංගයක් රසවිදීමේ හැකියාවත් මෙවර ප්‍රසංගයදී ඔබට නැවුම් වෙනසක් ගෙනදේවි.

මහේෂ් දෙණිපිටියගේ වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් හැඩවන Studio Live ප්‍රසංගයට ආනන්ද විද්‍යාලිය අපරදිග සමුහ වාදන කණ්ඩායම හා Soul Sound ගායන කණ්ඩායමත් එක් වී මිහිරි නාද රටා මැවීමට සුදානම් වෙමින් තිබෙනවා. ඒ වගේම භාතිය සන්තුෂ් ජනප්‍රිය ගායකයන් දෙදෙනාගේ මියුරු ගායනාවන් තනිව විඳගැනීමට ප්‍රේක්ෂක සමූහයට කදිම අවස්ථාවක් උදාකරදීමටද මෙවර ප්‍රසංගයේදී වැඩි ඉඩ කඩක් හිමිවී තිබෙනවා.

මෙවර ප්‍රසංගයේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ආනන්ද විද්‍යාලයේ, 98 වසරේ ආදී ආනන්දීයන් විසින්. එමෙන්ම මෙම දැවැන්ත ප්‍රසංගයේදී ඔබට නිරෝෂා, රන්ධීර්, උමාරා, උමාරියාගේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ මිහිරි ගායනයන්ද සජීවීව දැකබලාගැනීමටද අවස්ථාව හිමිවේවි.

මෙලසින් අලෝකරණය සහ ශබ්ද පරිපාලනය යන අංශ වලටද විශේෂ අවධානයක් යොමුකර දියුණු තාක්ෂණය මුසුවූ නවතම ප්‍රසාංගික අත්දැකීමක් ඔබ වෙත තිලිණ කරන්නටයි, මෙවර Studio Live ප්‍රසංගයෙන් භාතිය සන්තුෂ් ඔබේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායකයන් දෙදෙනා සුදානම්වන්නේ...

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.