Jul
13
ඇමරිකානු සහකාර රාජ්‍යය ලේකම් නීෂා බිස්වාල් හා ටොම් මලිනොස්කි ලංකාවට පැමිණ විශේෂ ප්‍රකාශයක්
ඇමරිකානු සහකාර රාජ්‍යය ලේකම් නීෂා බිස්වාල් හා ඇමරිකානු සහකාර රාජ්‍යය ලේකම් ටොම් මලිනොස්කි ඊයේ දින ලංකාවට පැමිණ තිබ්‍ෙ. ඊයේ (12) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍යය හමුවකදී රාජ්‍යය ලේකම්වරයා විශේෂ ප්‍රකාෂයක් සිදුකලා
එනම් ශ්‍රී ලංකාව හා ඇමරිකානු එක්සත් ජනපදය අතර පැවති සබදතා වර්තමානය වනවිට ඉතිහාසයේ කවරදිනකවත් නොතිබි අයුරින් ශක්තිමත්ව ඇති බවට ප්‍රකාශ කලා.
මොවුන් දෙදෙනා ලංකාවට පැමිණ ඇත්තේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සංහිදියාව හා මානව හිමිකම් යන අංශ වල ප්‍රගතිය හා වර්තමාන තත්වය සොයා බැලීමටයි.
ඊයේ පෙරවරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම්‍ෙ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය හමුවූ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා කම්කරු අංශ ඇමරිකා සහකාර රාජ්‍යය ලේකම් ටොම් මලිනොස්කි සමග පැවති සාකච්ජා වලදී ඇමරිකානු නියොජිතයා ලංකාව්‍ෙ මානව හිමකම් තත්වය ඉහල දැමීමට සහය වන බවට ප්‍රකාශ කලේය.
පසුව බිස්වාල් හා ටොම් යන රාජ්‍යය නියෝජිතයන් දෙපල විදේශ කටයුතු අමාත්‍යය මංගල සමරවීර මහතාද හමුවිය.
(video courtesy newsfirst sirasatv)