Jul 18

මාස 3කට කටුනායක වසා දැමීමේ ඇත්ත කතාව

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ප්‍රධාන පථම අලුත්වැඩඩියා කිරීමට තීරණය කර ඇති නිසා ලබන වසරේ ජනවාරි 6 වැනිදා සිට අප්‍රේල් 7 දක්වා මාස 3ක කාලයේදි පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන් ගමන් ධාවනය නොකිරීමට බලධාරීන් තීරණය කර ඇත.

ප්‍රධාන ගුවන් ධාවන ඵතය වසර 30කින් කිසිදු අලුත්වැඩියාවක් කර නොමැති නිසා එම තීරණය ගෙන ඇත. වර්ෂ 1986 මේ ප්‍රධාන පථය ඉදිකළ පසුව ප්‍රධාන අලුත්වැඩියාවකට සැරසෙන මුල්ම අවස්ථාව මෙයයි.

දිවා කාලයේ සිදුකරනු ලබන සියලුම ගුවන් ගමන් කටයුතු අවලංගු කිරීමට නියමිතය. පස්වරු 4.30න් පසුව ගුවන් යානා වලට ගුවන් ගතවීමට අවස්ථාව සැලසේ.

මේ අලුත්වැඩියා කාලය අතරතුර මත්තල ගුවන් තොටුපොළ හදිසි ගොඩබෑම් සදහා භාවිතයට ගැනීමට නියමිතය.

අලුත්වැඩි සිදුකරන කාලය අතරතුර විවිධ ගුවන් සමාගම් ගුවන් ගමන් ධාවනය දිගටම පවත්වාගෙන යනවාද නැතිනම් ඒවා අවලංගු කරනවාද නොඑසේ නම් ඒවායේ කාලය වෙනස් කරනවාද යන්න ඒ ඒ සමාගම්වල තීරණයක් බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පැවැසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු සදහා සුදුසුම කාලය අදාළ කාලය බවත් විවිධ ගුවන් සේවා සමාගම් සමග සාකච්ඡා කර එම තීරණය ගත් බවත් නිමල්සිරි මහතා වැඩිදුරටත් කීවේය.

කටුනායක ගුවන් තොටුපොළ දිනකට යානා 170ක් මෙහෙයවන අතර ඒවා ගුවන් සේවා 24කට අයත් යානා 60කට ආසන්නව ගිය වසරේ ගුවන් යානා 61,537ක් මෙහෙයවා ඇති අතර, මේ වසරේ ජූනි වන විට යානා 33,347ක් මෙහෙයවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුරේෂ් රත්වත්තේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම කාලසටහන අනුවම වැඩකරනවාද යන්න තවම තීරණය කර නොමැති බව පැවැසුවේය.

උපුටා ගැනීම - මව්බිම පුවත්පත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.