Jul 27

චතුරිකාගේ ජීවිතය වෙනස් කරපු 'සූරිය දරුවෝ'

සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම වේදිකාවේද සිය රංගන ප‍්‍රතිභාව පෙන්නුම් කළ චතුරිකා පීරිස් කලා ක්ෂේත‍්‍රය බැබළ වූ තාරකාවක්.

පේ‍්‍රක්ෂකයන්ගේ නොමඳ ආකර්ෂණයට සහ ක්ෂේත‍්‍රයේ බොහෝ ඇගයීම්වලට ලක් වූ ඇය ඉතා කෙටි කලකදීම සම්මානයට පාත‍්‍ර වුණා. ඒ ඇගේ

අපූර්ව රංගන කුසලතා හේතුවෙන් ඇය රංගනයෙන් දායක වුණු මුල් ටෙලිනාට්‍ය වන ”සූරිය දරුවෝ” හි ඈ රඟපෑ විවේකා චරිතය ජනාදරයට පත්වුණා.

ඒ නිසාමයි ඒ පිළිබඳව කතා කරන්න අපිට හිතුණෙ. ඒ පැරැුණි මතකයන් චතුරිකා අපිත් එක්ක බෙදා ගත්තෙ මේ විදියට.

චතුරිකාගේ ජීවිතය වෙනස් කරපු ”සූරිය දරුවෝ” නාට්‍යය සඳහා සම්බන්ධ වුණේ කොහොමද?

මාව සම්බන්ධ කර ගත්තේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය. ඒ වෙද්දි මම රඟපෑ ටෙලිනාට්‍යයක් ටෙලිස්ටාර් එකේ ලිස්ට් එකේ තිබුණා. මම දන්න තරමට සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියගෙ නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නෙ එතනදි. ඒ නාට්‍යය දැකලා මානෙල් ජයසේන මහත්මිය තමයි මගේ ගැන කියලා තිබුණෙ නාලන් මෙන්ඩිස් මහත්මයට. ඒ හරහා තමයි නාට්‍යයට සම්බන්ධ වුණේ.

ඔබ සමග රංගනයෙන් දායක වුණු අනෙකුත් නිළියො කවුද?
යශෝධා විමලධර්ම, චන්න පෙරේරා, ශ්‍රීනාත් මද්දුමගේ, විජේරත්න වරකාගොඩ, මානෙල් ජයසේන, සුරාජ් මාපා වගේ ගොඩක් ප‍්‍රවීණ නළු නිළියන් දායක වෙලා හිටියා.

එවැනි ප‍්‍රවීණයන් එක්ක රඟපාද්දි ඔබේ ජීවිතයට ලැබුණු අත්දැකීම් කොහොමද?

ටෙලිනාට්‍ය රූගතකිරීම් කරන්න සහභාගිවෙන්නට කළින් අයිරාංගනී සේරසිංහ මහත්මිය සහ චාන්දනී සෙනවිරත්න මහත්මිය ළඟට සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මාව යොමු කළා. ඉතින් රඟපාන්න යන්න කළින් අභ්‍යාස කරලා ගියේ.




අනිවාර්යයෙන්ම කියන්න ඕන එතැනට ගියාම යශෝධා අක්කා මට ලොකු සහයක් ලබා දුන්නා. මොකද මුලදි රූගතකිරීම්වලට ගියාට ඇඬෙන චරිතය කරන්නට වුණාම අඬන එක ටිකක් අමාරු වුණා. ඒ සඳහා මුලින්ම උපදෙස් මාලාවක් ලැබුණෙ යශෝධා අක්කගෙන්. ඊට අමතරව මානෙල් ජයසේන මහත්මිය, විජේරත්න වරකාගොඩ මහත්මයා ඇතුළු හැමෝම වගේ ලොකු සහයක් ලබා දුන්නා.

විවේකා චරිතය ඔයාට කොහොමද දැනුණෙ?


ඒක මගේ චරිතය හා ගොඩක් සමානයි වගේ මට දැනුණේ. ඒ නිසා ලොකු අමාරුවක් දැනුණෙ නෑ. මගේ චරිතය හා සමානම හැසිරීම් රටාව, කතා බහ හැමදේම තිබුණේ ඒ නිසා වෙන්න ඇති මට පහසුවෙන්ම එය කරගෙන යන්න හැකිවුණේ.

ඔබේ චරිතය තුළ ආදර ජවනිකාවන් එහෙම තිබුණනෙ. ඒ ජවනිකාවන් කරන්න අපහසු වුණේ නැද්ද?
මම මීට කලින් වැඩකරපු ටෙලි නිර්මාණයෙත් ආදර ජවනිකා තිබුණා. ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ බර්මින් ලයිලි ප‍්‍රනාන්දු. ඔහුගෙන් මට ඒ සඳහා උපදෙස් මාලාවක් ලැබුණා.

නාට්‍යය රූගත කරන මුල් කාලෙදි නම් ආදර ජවනිකා කරන කොට මට හිනායනවා. ඒත් ටික දවසක් යද්දි හිනා යන එක අඩු කරගෙන කොහොමද රංගනයේ යෙදෙන්න ඕන කියල ඉගෙන ගත්තා.

විවේකාට තිබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර?


ඇත්තටම විවේකාට තිබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ඉතා ඉහළයි. මොකද විවේකා චරිතයට මම මුලින් සහභාගි වුණේ කොටස් 15 කට විතරයි. කොටස් 15න් නාට්‍යයෙන් ඉවත්වෙන්න බලාගෙන තමයි මේ නාට්‍යය නිරූපනය කරන්න භාර ගත්තෙ. නමුත් කොටස් තුන හතරක් විකාශය වෙද්දි ඒ චරිතයට ලොකු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් තිබුණා. ඉන් පසුව ඒ චරිතයට දිගටම සම්බන්ධ වුණා. එක පාරටම එක රැුයකින් වගේ තමයි ඉතා විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් විවේකාට ලැබුණෙ. ඉතින් ඒ ලැබුණු ප‍්‍රතිචාරත් එක්ක තවමත් ගොඩක් කට්ටිය විවේකා නමින් තමයි මට කතා කරන්නේ.

ඒ පිළිබඳ මතක සටහන් එහෙම තියෙනවද?

විශේෂ දෙයක් නම් නෑ. මම මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවක වැඩ කරලා තියෙනවා. එහිදී ජනප‍්‍රිය රංගන ශිල්පිනිය, නැඟී එන නිළිය, හොඳම රංගන ශිල්පිනිය දක්වා සම්මාන අරගෙන තියෙනවා.

ඉතින් මම හොඳම රංගන ශිල්පිනියට සම්මානය ලබාගනිද්දී මට මතකයි යශෝධා අක්කා කිව්වා ඔයා ඉස්සෙල්ලම ”සුරිය දරුවෝ” ෂූටින් ආපු දවසෙ මරන්න ගෙනියන හරකෙක් වගේ තමයි ආවෙ. ඉතින් එහෙම බෑ බෑ කියලා මේ තරම් දුර ගමනක් ආපු එක ගැන ගොඩක් සතුටුයි කියලා හම්බවෙන හැමදාම වගේ එහෙම කියනවා. ඒක මට මතකයෙ රැඳුණු කතාවක්.


”සූරිය දරුවෝ” හි ඔබේ පෙම්වතුන්ට හිටියෙ චන්න පෙරේරා සහ සුරාජ් මාපානෙ. ඒ දෙදෙනාගෙන් ලැබුණු සහය ගැනත් කතා කරමු.
හොඳ සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම සුරාජ් ගැන කියන්න ඕන. මම හිතන්නේ එයාගෙත් මේ දෙවනි ටෙලිනාට්‍යය. එයත් ඒ කාලෙ ක්ෂේත‍්‍රයට ගොඩක් අලූත් ”සූරිය දරුවෝ” ටෙලි නාට්‍යයේ සුරාජ්ගේ චරිතය විකාශය වුණේ නාට්‍යය කොටස් සීයක් විතර ගියාට පසුව. එතනින් පස්සෙ ඔහු ඒ කණ්ඩායමට අලූත් සාමාජිකයෙක් වුණා. නාට්‍යයේ මට මතක විදිහට කොටස් 190 පමණ විකාශය වුණා. ඒ දවස්වල මට මතකයි සුරාජ් මට කිව්වා එයාගෙ චරිතය කරගෙන යන්න සහයක් දෙන්න කියලා. ඉතින් අපි සුහදව වැඩ කරගෙන ගියා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන නව පරපුරේ අපි ක්ෂේත‍්‍රයට එද්දි ඒ නාට්‍යය සඳහා සහභාගී වෙලා හිටපු ප‍්‍රවීණයෝ අපිට ගොඩක් උදව් කළා.

නාට්‍යය අධ්‍යක්ෂණය කළ නාලන් මෙන්ඩිස් මහත්තයත් ඉතා සුහදශීලීව වැඩ කළා. අපේ චරිත නිරූපණය කරන්න ගියාම කිසිම නීති රෙගුලාසියක් දැම්මෙ නෑ. හරිම නිදහස්ව කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ විදියට සැහැල්ලූවෙන් චරිතය කරන්න ඉඩ ලබා දුන්නු නිසා වෙන්න ඇති ”විවේකා” චරිතය මේ තරම් ජනප‍්‍රිය වුණේ.

අවසාන වශයෙන් කියමු ”සූරිය දරුවෝ” හරහා ආපු ඔබේ ගමන් මඟ පිළිබඳව.

ඇත්තටම මගේ හීනය වුණේ ගායිකාවක් වෙන්න. ඒ වගේම මගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඒ අංශයෙන් ඉදිරියට යන්න. මොකද මම මුලදි සංගීත කටයුතු සහ නර්ථනය වැඩිපුර හැදෑරුවෙ. ඊට අමතරව ක‍්‍රීඩාත් කළා. උසස් පෙළ කළේ වාණිජ අංශයෙන් ඉතින් ව්‍යාපාර පැත්තට තමයි මම යන්න බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ දේවල් කරගෙන යද්දි හදිසි ආරාධනාවක් ආවා සූරිය දරුවෝ ටෙලිනාට්‍යයට. ඒ ආරාධනාවත් එක්ක ඇත්තටම මම ගිය ගමන සම්පුර්ණයෙන්ම වෙනස් වුණා.

ජීවිතේ අනිත් හැමදේම පස්සට ගිහින් රංගනය කියන වෘත්තිය ඉදිරියට ආවා. එතනදි චතුරිකා පීරිස් කියන රංගන ශිල්පිනිය පේ‍්‍රක්ෂකයන්ට දැක බලා ගන්න හැකිවුණා.

- සඳැල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.