Jul 09

බස් ගාස්තු වැඩි කිරීමකට කොන්දේසි සමග එකඟතාවක්!

සියයට 3 සිට සියයට 6 දක්වා ප‍්‍රතිශතයකින් බස් ගාස්තු වැඩි කිරීමට තමන් ද එකඟ වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. කෙසේ වෙතත් ඊට වඩා වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තුව වැඩි කිරීමට තමන් එකඟ නොවන බවයි එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ.

බස් ගාස්තු වැඩි කිරීමත් සමග බස් සේවාවේ ගුණාත්මකභාවය ද වැඩි කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

“බස් වලට මගීන් නංවා ගන්නේ ලොරිවලට පොල් පටවනව වගෙයි. එහෙම වෙන්න බැහැ. බස් රථයක ගමන් ගන්න පුළුවන් උපරිම මගී සීමාව ක්‍රියාත්මක කළ යුතුයි. මගීන්ට නිසි ප්‍රමිතියෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබා දෙන්න බලධාරීන් සහ බස් හිමියන් කටයුතු කරන්න ඕන.“

බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති විද්වත් කමිටුවට පාරිභෝගිකයන් නියෝජනය කරමින් ද පුද්ගලයින් පත්කරන්නැයි ද පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.