Jun 21

ගම්මන්පිලට පාර්ලිමේන්තු බැහැ, හිරගෙදර කෑමත් එපා


කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බන්ධනාගාරයේ ආහාරපාන ප්‍රතික්‍ෂේප කොට ඊයේ (20) දින සිට නිවසින් ආහාරපාන රැගෙන ඒමට අවසර ඉල්ලා තිබේ. ඉකුත් 18 වන දින සිට ඊයේ (20දා) පෙරවරුව වනතෙක් උදෑසනට බත් සමග සම්බෝල දිවා කාලයට හා රාත්‍රී කාලයට බන්ධනාගාරයේ කෑම වට්ටෝරු අනුව සැකසූ බත් සහ ව්‍යංජන අනුභව කළ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සලකා බලා ඔහුට නිවසින් ආහාරපාන රැගෙන ඒමට අවසර ලබා දුන් බව
උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය. නිදාගැනීමට පැදුරක් ද මන්ත්‍රීවරයාට ලබා දී ඇති අතර මේ වනවිට මන්ත්‍රීවරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ආරක්ෂිතව සිටින බව ද බන්ධනාගාර නිලධාරියා සඳහන් කළේය.


මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට අද (21) සිට ඉදිරි දින හතර තුළ පාර්ලිමෙන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙස ඒ මහතා වෙනුවෙන් නීතිඥ මහතකු මගින් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20) ප්‍රතික්ෂේප කළාය.

විත්තිය වෙනුවෙන් නිතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා එම ඉල්ලීම සිදු කළ අතර අධිකරණ සේවා කොමිසන් සභාව මගින් වසර 2009.06.05 වනදා නිකුත් කළ අංක 320 චක්‍රෙලේකයට අනුව සෘජු නියෝගයක් නිකුත් කළ නොහැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය එය බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානයට යොමු කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ දිනේෂ් දොම්ගොඩ මහතාට දන්වා සිටියාය.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අයෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දීම සහ වෛද්‍ය හේතුන් මත වෛද්‍යවරයාට යොමු කිරීමට අධිකරණයට හැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය වෙනත් ස්ථානවලට ගෙන යාමේදී බන්ධනාගාර අධිකාරිවරයාගේ අභිමතය පරිදි ක්‍රියා කළ හැකි බව කියා සිටියාය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රලෙියානු සමාගමක බ්‍රයන් ෂෙඩික් නැමැති විදේශීකයාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් වංචා කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට සහ ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ නැමැති අයට එරෙහිව චෝදනා ගොනු කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකරුවන් පසුගිය 18 වනදා කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනුසරු ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන ජුලි 01 දා දක්වා රක්ෂිතභාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.